spot_img
spot_imgspot_img

ඉන්දීය නිර්වින්දන ඖෂධය භාවිතයෙන් ඉවතට

පුවත්

විදෙස්

දරු ප්‍රසූතියක දී තරුණ මවක් මියයාමට හේතු වූයේ නිර්වින්දන ඖෂධයේ ගැටලුවක් නිසා යැයි ඇති වී තිබෙන සැකය හේතුවෙන් එම ඖෂධය වහාම ක්‍රියාත්මක වන පරිදි භාවිතයෙන් තාවකාලිකව ඉවත්කිරීමට වෛද්‍ය සැපයුම් අංශය පියවර ගෙන තිබේ.

රජයේ වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ කපිල වික්‍රමනායක පවසන්නේ ජාතික ඖෂධ අධිකාරියේ අධ්‍යක්ෂවරයාගේ ලිඛිත ඉල්ලීමක් මත මෙම පියවර ගත් බවයි.

එම නිර්වින්දන ඖෂධය ඉන්දීය ණය ආධාර යටතේ ඉන්දීය ඖෂධ සමාගමකින් මෙරටට ගෙන්වා බෙදාහැර තිබිණි. ඉන්දීය ණය ආධාර යටතේ ගෙන්වන ලද එම ඖෂධය මෙරට දී තත්ව පරීක්ෂාවකට ලක්කර භාවිතයට ගැනීමට හැකියාවන් නොතිබූ බැවින් ඖෂධයට අදාල ලියකියවිලි සහ වෙනත් රටවල භාවිතය පිළිබඳ සැළකිල්ලට ගැනීමෙන් පසු භාවිතයට ගත් බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසයි.

ඒ අනුව එම ඖෂධයේ කාණ්ඩ තුනක් මෙලෙස භාවිතයෙන් ඉවත්කර ඇති බව වාර්තා වෙයි.

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!