spot_img
spot_imgspot_img

රාජ්‍ය ආයතනකින් උපාධි කඩයක්. නොමිළයේ කළ පාඨමාලාවට ලක්ෂ ගණනක් අයකරයි

පුවත්

විදෙස්

ඉංජිනේරු විද්‍යා ජාතික ඩිප්ලෝමා පාඨමාලව සඳහා එක් අයකුගෙන් රුපියල් 225,000.00 බැගින් අය කිරීමට එම ආයතනය තීරණය කර තිබේ. National Apprentice and Industrial Training Authority (NAITA) යටතේ ඇති ඉංජිනේරු තාක්ෂණ ආයතනය (IES) මෙම පාඨමාලාව පවත්වාගෙන යයි. එය කලින් හැඳින්වූයේ තාක්ෂණ පුහුණු ආයනය (TTI) ලෙසිනි

ඉංජිනේරු විද්‍යා ජාතික ඩිප්ලෝමාධාරී ආදි විද්‍යාර්ථීන්ගේ සංසදය පවසන්නේ මෙතෙක් එම පාඨමාලාව පවත්වන ලද්දේ නොමිළයේ බවයි. හදිසියේ ම මෙවැනි තීරණයක් ගැනීම බරපතල අසාධාරණයක් බවත් මෙම මුදල් කවර කාර්යයකට යොදාගන්නේ ද පිළිබඳ සොයා බැලිය යුතු බවත් ඔවුන් පවසයි.

ආයතනය විසින් මෙවැනි මුදලක් අයකරනු ලබන්නේ අදාල පාඨමාලාව උපාදියක් දක්වා උසස් කරන බව පවසමිනි. නමුත් ආදි විද්‍යාර්ථීන් සඳහන් කරන්නේ එම ආයතනය උපාධි පිරිනැමිය හැකි ආයතනයක් ලෙස සංවර්ධනය කර නැති බවයි.

මෙම ඉංජිනේරු තාක්ෂණ ආයතනයේ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා 2016 වර්ෂයේ දී ඕස්ට්‍රියානු රජයෙන් යුරෝ මිලියන 9.5ක මුදල් ආධාරයක් ලැබී තිබිණි. නමුත් එහි ඉලක්ක ද මෙතෙක් සපුරා නැත.

ආදි විද්‍යාර්ථීන් පෙන්වා දෙන්නේ මෙතෙක් නොමිලයේ පවත්වන පාඨමාලාවක් උපාධි පාඨමාලාවක් බවට පත්කළා යැයි කියිමින් ඒ සඳහා කිසිම පහසුකමක් නොමැතිව අධික මුදලක් අයකිරීම බරපතල වරදක් බවයි.

ජාතික ආදුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරියේ සභාපති එච්.එස්.හරිස්චන්ද්‍රගෙන් මේ සම්බන්ධයෙන් විමසූ විට ඔහු කියා සිටියේ ගාස්තු අයකරනු ලබන්නේ එම පාඨාමාලවට ඇතුළත්වන සිසුන්නේ 65%කගෙන් පමණක් බවයි. මුදල් ප්‍රතිපාදන සපයා ගැනීමේ අපහසුතා ඇති ඉතිරි 35%ක් සඳහා නොමිළයේ පාඨමාලා හැදෑරීමට අවස්ථාව ලබාදෙන බව ද හෙතෙම කීවේය. පාඨමාලාව උපාධියක මට්ටමට උසස් කර ඇති බැවින් රජයට ප්‍රතිපාදන දැරීමට ඇති අපහසුතාව නිසා මෙලෙස මුදල් අයකරන බව ද හෙතෙම කීවේය. මුදල් ගෙවීම සඳහා සිසුන්ට බැංකු ණය ගැනීමේ පහසුකම් ලබාදෙන බව ද සභාපතිවරයා පවසයි.

මෙම පාඨමාලව ආරම්භ කරන ලද්දේ 1977 වර්ෂයේ විවෘත ආර්ථිකය පැමිණීමත් සමඟ ආරම්භ වූ කර්මාන්තශාලාවලට ඉහළම ශ්‍රේණියේ ඉංජිනේරුවන් සහ පහළ මට්ටමේ සහායකයන්ට අතරමැද තාක්ෂණ ශිල්පීන් විශාල වශයෙන් අවශ්‍ය වූ බැවිනි. ඒ අනුව එවකට TTI ආයතනයේ විද්‍යාර්ථීන් සඳහා ඉතා විශාල ඉල්ලුමක් තිබිණි. පසුව එම ඩිප්ලෝමා පාඨමාලාව උපාධියක් බවට පත්කළ යුතු යැයි තීරණය කළ ද දිනෙන් දින එය ප්‍රමාද විය. මේ වනවිට පාඨමාලාව උපාධි පාඨමාලාවක් බවට පත්කර ඇති අතර ආයතනය පවසන්නේ සිසුන්ගේ ප්‍රායෝගික පුහුණුව සඳහා වැය කිරීමට රජයට මුදල් නොමැති වීම හේතුවෙන් මෙලෙස මුදල් අයකරන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!