spot_img
spot_imgspot_img

අනුරාධපුර රෝහලේ ළමා වාට්ටුවක් වසා දමයි. වෛද්‍යවරුන්ගේ පුහුණුවත් අතමඟ ?

පුවත්

විදෙස්

අනුරාධපුර ශික්ෂණ රෝහලේ මහාචාර්ය ඒකකයේ ළමා වාට්ටුව ඊයේ (30) සිට වසා දමා තිබේ. එය අංක 63 වාට්ටුව ලෙස නම් කර තිබී ඇත.

එහි සේවය කළ විශේෂඥ වෛද්‍යවරු හතරදෙනා ම විදේශ රටවල පදිංචියට යාම හේතුවෙන් මෙලෙස වාට්ටුව වසා දැමීමට සිදුව ඇත. රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය ඒකකයක් ලෙස පවත්වාගෙන ගිය මෙම වාට්ටුව වසා දැමීම හේතුවෙන් වෛද්‍ය සිසුන්ගේ සායනික පුහුණුව පවා ගැටලුකාරී තත්වයකට පත්ව තිබේ. මේ හේතුවෙන් අවසන් වසර වෛද්‍ය සිසුන් 210 දෙනකුට සිය පුහුණුව ලබා ගැනීමට නොහැකි වී තිබේ.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය දුලාන් සමරවීරගෙන් මේ පිළිබඳ විමසූ විට තමන්ට කිසිදු ප්‍රකාශයක් කළ නොහැකි බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේන විමසන ලෙසත් කීවේය.


රෝහලේ මහාචාර්ය ඒකකයට අනුබද්ධ ළමා රෝග වාට්ටුවේ සේවය කළ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන් නොමැතිවීම හේතුවෙන් 63 වාට්ටුව වසා දැමීමට සිදුවී ඇති බව රෝහල් අධ්‍යක්ෂවරයා එහි වට්ටු අංක 24 සහ 25 යන වාට්ටු දෙකේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය නිලධාරීන්ට අභ්‍යන්තර චක්‍රලේඛයක් මගින් දන්වා ඇත. එහි දැක්වෙන්නේ වාට්ටු අංක 63 නැවත විවෘත කරනතුරු අංක 24 හා 25 යන වාට්ටුවලට රෝගීන් තාවකාලිකව යොමු කරන නලෙසයි.

ළමා රෝග සායනය පැවැත්වීමේ වගකීම ද එම වාට්ටු දෙකට පවරා දී තිබේ.


මෙතෙක් 63 වාට්ටුව හෙවත් ළමා මාහාචාර්ය ඒකකයේ සේවය කළ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරීන්, පශ්චාත් සීමාවාසික වෛද්‍ය නිලධාරීන්, සීමාවාසික වෛද්‍ය නිලධාරීන් හෙද කාර්ය මණ්ඩලය හා කනිෂ්ඨ කාර්ය මණ්ඩලය ද 24 සහ 25 වාට්ටුවලට අනුයුක්ත කරන බව ද එම චක්‍රලේඛයෙන් දන්වා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!