spot_img
spot_imgspot_img

විදෙස් ණය ගෙවන හැටි මහ බැංකු අධිපති කියයි

පුවත්

විදෙස්

ණය ගෙවීමට ශ්‍රී ලංකාවට හැකියාවක් ‍නොතිබූ බවත්, ඒ නිසා ණය ගෙවීම සඳහා සහනදායී ක්‍රමයක් ඉල්ලා ණය ප්‍රතිව්‍යුහගත කළ බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මාධ්‍ය ප්‍රධානීන් හමුවේ කියා සිටියේය.

ජනාධිපති කාර්යාලයේ ජනාධිපතිවරයා‍ගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්විණි.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ මහ බැංකු අධිපතිවරයා මෙසේ ද කීවේය.

“ අපිට වසරකට ඩොලර් බිලියන 06 බැගින් වසර ගණනක් යනතුරු විදේශ ණය ගෙවීමට සිදුව තිබුණා. මෙය ඉතාමත් අපහසු කාර්යක්. ඒ නිසා අපිට අවශ්‍යතාවක් තිබුණා මේ ණය නැවත ප්‍රතිව්‍යුහගත කරලා වාර්ෂිකව ගෙවන්න තියෙන ණය මුදල අඩු කරගන්නත්, පොළිය අඩුකරගැනීමට සහ අමතර සහනකාලයක් ඉල්ලා ගන්න. ණය ගෙවන්නම විදියක් නැති නිසා අපි ණය ගෙවීමම තාවකාලිකව නවතා ණය හිමියන් සමඟ සාකච්ඡා කළා. ඔවුන් ලබාදුන් සහතිකය මත අපිට දැන් අවස්ථාව ලැබිලා තියෙනවා ණය තිරසාර කිරීමේ ඉලක්ක කරා යන්න. ඒ බව ජාත්‍යන්තර අරමුදලේ ලේඛනවල සඳහන්ව තිබෙනවා. අපි ණය නැවත ගෙවන්නේ නෑ කියා දෙයක් නැහැ. ණයක් ගත්විට එය ගෙවීම අපේ වගකීමක්. එසේ නොකළොත් නැවත ණයක් ලැබෙන්නේ නැහැ. අපිට ණය ගෙවන්න හැකියාවක් නැති නිසා ණය ගෙවීම පැහැර හැරීම වෙනුවට සහන ක්‍රමයකට ගෙවීමට අවස්ථාවක් ලබාගත්තා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!