කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (20) දිනයේ ගනුදෙනු 20,020 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,797ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 29ක් ඉහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 9,699ක් ලෙසිනි
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- හේමාස් සමාගම රුපියල් මිලියන 235
- බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 209
- ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 126
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 30
- එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 10
- යුනියෙන් බැංකුව කොටස් මිලියන 02
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- එස්එන්බී ලීසිං සමාගම (X) 33%
- ටෙක්ස් ඇග්‍රෝ සමාගම (X) 10%
- ඊස්ටර්න් මර්චන්ට් සමාගම 08%
සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්
- හේමාස් හෝල්ඩින්ස් සමාගම කොටස් මිලියන 03ක් රුපියල් 65.00 බැගින්
- හේලීස් සමාගම කොටස් 735,000ක් රුපියල් 81.00 බැගින්
- ජෝන් කීල්ස් සමාගම කොටස් 290,000ක් රුපියල් 145.00 බැගින්
අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම
- එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 278
- එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 228
- ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 200
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 227ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 64ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 163ක මුදලක් කොටස් වෙළෙඳ පොළට ආයෝජනය කර තිබිණි.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්
- ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 42
- ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 34
- හේමාස් හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 32
විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්
- ඩයලොග් ආසියාටා සමාගම රුපියල් මිලියන 13
- එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 0.8
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ