9.8 C
New York

පාසල් දරුවන් රවටා මුදල් උපයන ජාවාරමක් කැබතිගොල්ලෑවෙන්

Published:

කැබිතිගොල්ලෑව ප්‍රාථමික විද්‍යාලයේ දරුවන්ට සංගීත සංදර්ශනයක ටිකට් පත් නොමිළයේ දී දෙමාපියන් සමඟ පැමිණෙන්නයැයි කීමෙන් මුදල් ඉපයීමේ ව්‍යාපාරයක් සිදුවන බව ප්‍රදේශවාසීහු චෝදනා කරති.

මෙම සංගීත සංදර්ශනය සංවිධානය කර ඇත්තේ උපකාරක පන්ති ගුරුවරයකු සහ කැබිතිගොල්ලෑව ප්‍රාථමික විද්‍යාලයේ ආරක්ෂකයකු ඇතුළු පිරිසක් විසින් බව ද අනාවරණය වෙයි.

එක් ටිකට් පතක මිල රුපියල් 400.00කි පාසල් සිසුන්ට එම ටිකට් පත් නොමිළයේ ම ලබා දී සංගීත සංදර්ශනය කාලයකින් ලැබෙන අපූරු අත්දැකීමක් බව ද පවසා දෙමාපියන් සමඟ පැමිණෙණ ලෙස දන්වා තිබේ. සංවිධායකයන්ගේ අපේක්ෂාව වී ඇත්තේ දරුවන් මේ සඳහා පෙළඹවීම තුළින් දෙමාපියන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකයන් සංදර්ශනය නැරඹීම සඳහා ගෙගන්වාගෙන මුදල් ඉපයීමයි.

ප්‍රදේශවාසීන් පවසන්නේ එදාවේලවත් කන්න නැති තමන්ට මුදල් ගෙවා සංගීත සංදර්ශන නැරඹීමට වත්කමක් නැති බවයි. දරුවන්ට නොමිළයේ ටිකට් ලබා දී සංවිධායකයන් දෙමාපියන්ට ඇමක් දී ඇතැයි ඔවුහු චෝදනා කරති.

කැබතිගොල්ලෑව ප්‍රාථමික විද්‍යාලයේ සිසු සිසුවියෝ 500කට වැඩි පිරිසක් ඉගෙනුම ලබති. වාර්තාවන්නේ මේ සෑම සිසු සිසුවියකට ම ටිකට් පත් නොමිළයේ ලබා දී ඇති බවයි.

මේ සම්බන්ධයෙන් කැබිතිගොල්ලෑව කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂිකා අනුරී උත්පලාගෙන් විමසූ විට ඇය කියා සිටියේ දරුවන්ට නොමිලේ ටිකට්පත් දුන්නා දැයි නොදන්නා බවයි. ඒ ගැන සොයා බලන බව ද ඇය කීවාය.

කැබිතිගොල්ලෑව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා කුමුදුනී ආරියවංශගෙන් විමසූ විට ඒ ගැන මව්පියන් තමන්ට ලිඛිතව පැමිණිල්ලක් කර නැතැයි කීවාය. ලිඛිත පැමිණිල්ලක් ලැබෙන්නේ නම් සොයා බැලිය හැකි බව ද ඇය කියයි.

Related articles

Recent articles

spot_img