spot_img
spot_imgspot_img

පළාත් පාලන ආයතනවලට ආණ්ඩුව කරන්න යන දේ මනේන

පුවත්

විදෙස්

පළාත් පාලන ආයතනවල නිල කාලය ලබන 19 වැනි දා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන බැවින් ඉන් පසු සියලුම මහ නගර සභාවල පාලනය, නාගරික ‍කොමසාරිස්වරුන්ටත්, නගර සභා සහ ප්‍රාදේශීය සභා පාලනය ඒවායේ ලේකම්වරුන් යටතටත් නිල වශයෙන් පැවරේ.

අගමැති සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් පාලන සහ පළාත් සභා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඊයේ (14) සියලුම පළාත් ආණ්ඩුකාරවරු කැඳවා මේ සම්බන්ධයෙන් අවශ්‍ය උපදෙස් ලබාදෙමින් සාකච්ඡාවක් පවත්වා තිබේ.

රජය විසින් ගනු ලබන තීන්දු තීරණ පළාත් පාලන ආයත මට්ටමින් ක්‍රියාවට නැංවීමේ දී ජනතා අපෙක්ෂාවන් ඉටුවන අන්දමින් ක්‍රියාත්මක කිරීමේ වැදගත් කම එහි දී අග්‍රාමාත්‍යවරයා විසින් ආණ්ඩුකාරවරුන්ට පෙන්වා දී ඇතැයි පැවසේ. පළාත්පාලන ආයතන පිළිබඳ නිරන්තර සොයාබැලීමක් කරන්න යැයි ද ඔවුන්ට උපදෙස් දී ඇත.

ශ්‍රී ලංකාවේ පළාත් සභාවල නිල කාලය අවසන් වී දැන් වසර 04කට ආසන්න කාලයක් ඉක්ම ගොස් ඇත. පළාත් සභා මැතිවරණ පවත්වා නොමැති බැවින් පළාත් සභා පාලනය වන්නේ ද ආණ්ඩුකාරවරු යටතේය. පළාත් සභා යටතේ අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු රැසක් ඇති අතර ඒවා සඳහා මහජන නියෝජිතයන්ගේ සහභාගීත්වයක්ක, අධීක්ෂණයක් හෝ ප්‍රතිපත්ති සම්පාදනයක් දැන් වසර 04කින් සිදුකර නැත.

එවැනි තත්වයක් තුළ පළාත් පාලන ආයතන මහජන නියෝජිතයන්ගේ සහභාගීත්වය ද මාර්තු 19 වැනිදා අවසන් වීමෙන් පසු බලය ආණ්ඩුකාරවරුන් අතට කේන්ද්‍රගත වනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!