spot_img
spot_imgspot_img

අධ්‍යාත්මික ශක්තියක් සහ දේව බලයක් ඇතැයි කී දේවගැතිවරයා, පොලිසියේ පිහිට පතයි

පුවත්

විදෙස්

අධ්‍යාත්මික ශක්තියක් සහ දේව බලයක් ඇතැයි කියමින් බයිබල් දේවස්ථාන රැසක ප්‍රධාන දේවගැතිවරයකු ලෙස කටයුතු කරන අයකුගේ නිවසකට ඇතුළු වී රුපියල් කෝටි 02කට ආසන්න  මුදල් සහ රන් භාණ්ඩ ඇතුළු දේපළ පැහරැගෙන ගොස් ඇතැයි ලැබුණු පැමිණිල්ලකට අනුව කඳාන පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

මෙම පැමිණිල්ල කර ඇත්තේ කිංස්ලි වනිගසිංහ නමැති දේවගැතිවරයෙකි. ඔහු තම බිරිඳ සහ දියණිය සමඟ වැලිගම්පිටියේ දේවස්ථානයක දේව මෙහෙයක් පැවැත්වීමට ගොස් සිටිය දී මේ සොරකම සිදුව ඇතැයි පවසයි. පැමිණිල්ලේ සඳහන් වෙන්නේ මේ සොරකම සිදුකර ඇත්තේ පසුගිය පෙබරවාරි 19 වැනි දා බවයි.

නිවසේ කාමරයක ජනේලයකින් ඇතුළු වූ පුද්ගලයකු සොරකම සිදුකර ඇතැයි මූලික පරීක්ෂණවලින් අනාවරණය වූ බව පොලිසිය සඳහන් කරයි. නිවසට ඇතුළු වූ පුද්ගලයා රුපියල් ලක්ෂ 33ක විදෙස් මුදල්, රුපියල් ලක්ෂ 28ක දේශීය මුදල් සහ පවුම් 65ක රන් භාණ්ඩ මෙන්ම විදෙස් සුවඳ විලවුන් බෝතල් විදෙස් පාවහන් ඇතුළු දේපළ රැගෙන ගොස් ඇති බව පැමිණිල්ලේ සඳහන් කර ඇත.

දේවගැතිවරයා පෙබරවාරි 19 වැනි දා සවස 6.00ට පමණ නිවසින් පිටව ගොස් නැවත එදිනම රාත්‍රී 8.00ට පමණ නිවසට පැමිණ තිබේ. එම කාලය අතරතුර සොරකම සිදුව ඇතැයි ඔහු පොලිසියට පවසා ඇත. මේ සොරකම සම්බන්ධයෙන් පැමිණිල්ල ගොනුකර ඇත්තේ පසුගිය මාර්තු 08 වැනි දා ය.

සීසීටීවී කැමරා දර්ශන විමර්ශනය කරමින් පරීක්ෂණ ආරම්භ කර ඇති බව කඳාන පොලිසිය පවසයි.

2 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!