spot_img
spot_imgspot_img

රුපියල සහ මැතිවරණය, ජාත්‍යන්තරයේ අනතුරු ඇඟවීමක්

පුවත්

විදෙස්

2023 වර්ෂයේ දී මැතිවරණයක් පැවැත්වීමට ඉතාමත් ආසන්න තත්වයක් තුළ මූල්‍ය ප්‍රතිසංස්කරණ නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට නොහැකි වීම, විදේශ ණය ගෙවීමට සංචිත ඉහළ නැංවීමට සිදුවීම  සහ ආර්ථික ප්‍රතිපත්ති දුර්වලවීම යන හේතූන් නිසා ශ්‍රී ලංකා රුපියල ඩොලරයට සාපේක්ෂව යළි 23%කින් පමණ කඩා වැටීමට ඉඩ ඇතැයි විශ්ලේෂකයෝ කියති.

මේ බව ප්‍රකාශ කරන්නේ Fitch Solutions ආයතනය උපුටා දක්වමින් බ්ලූම්බර්ග් වෙබ් අඩවියයි.

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල මේ දිනවල කැපී පෙනෙන වර්ධනයක් හිමිකරගෙන තිබේ. ඒ හේතුවෙන් ලොව වඩාත් සක්‍රීය ම මුදල් ඒකකය බවට ද ශ්‍රී ලංකා රුපියල පත්ව ඇත.

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය මුදල සඳහා එහි අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය හිමිවුව ද, මැතිවරණ පැවැත්වෙන්නේ නම්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි අනුව එම මූල්‍ය වැඩසටහනට අනුගතව කටයුතු කිරීම දැඩි අභියෝගයක් වනු ඇතැයි ද Fitch Solutions ආයතනයේ මූල්‍ය විසදුම් අංශයේ අවදානම් විශ්ලේෂක සේවෑන්ග් ටින් පවසා ඇත.

විදේශ ණය ගෙවීම සඳහා සංචිතය ඉහළ නැංවීමට සිදුවීම, දුර්වල ආර්ථිකය සහ ඉදිරි මැතිවරණ ඊට බාධාවක් ඇතිකළහොත් ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල නැවත කඩා වැටී රුපියලේ අගය 390.00ක් දක්වා කඩා වැටීමට ඉඩ ඇති බව වි‍ශ්ලේෂකයෝ පෙන්වා දී ඇත.

Seah Wang Ting, ප්‍රශ්නවලට විද්‍යුත් තැපෑලෙන් ප්‍රතිචාරයක් දක්වමින් කියා ඇත්තේ “IMF වැඩසටහනේ බාධා කිරීම් සඳහා ඇති හැකියාව නිරීක්ෂණය වන බවයි. එම වැඩසටහන සමඟ දිගටම ගමන් කිරීම සඳහා දැඩි ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට බලධාරීන් කැපවී සිටිය යුතු බව ද හෙතෙම සඳහන් කරයි. පළාත් පාලන මැතිවරණය මේ සඳහා දැඩි අභියෝගයක් බව ද ඔහු පවසා තිබෙබ්.

අද (09) දිනයේ රුපියල 0.5% කින් පමණ වර්ධනයක් පෙන්වූ අතර ඩොලරයේ අගය 316.8 ලෙස සටහන් විය.  එහි වාර්ෂික ලාභය 14% දක්වා ඉහළ ගියේය. 

සම්පූර්ණ වර්තාව පහළින්

https://www.bloomberg.com/news/articles/2023-03-08/sri-lanka-s-rupee-will-reverse-gains-and-plummet-20-fitch-says?leadSource=uverify%20wall

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!