spot_img
spot_img

මැතිවරණය 25 වැනි දා ද ? “රට ස්ථාවරවන තුරු ඡන්ද නෑ“ ජනපති කියයි

පුවත්

විදෙස්

පළාත් පාලන මැතිවරණය අප්‍රේල් මස 25 වැනි දා පැවැත්වීම වඩාත් සුදුසු බව මැතිවරණ කොමිසමේ දැනුම් දීමක් මත මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරුන්ට දැනුම් දී තිබේ.

එහි දැක්වේනනේ මාර්තු 09 වැනි දා මැතිවරණය නොපැවැත්වෙන බවයි.

ඒ අනුව ඒ ඒ දිස්ත්‍රික්කයන් හි පළාත් පාලන ආයතනවලට අදාළ නව ඡන්ද විමසීමේ දිනය ලෙස 2023 අප්‍රේල් මස 25 වැනි දිනය සුදුසු යැයි දිස්ත්‍රික් තේරීම්භාර නිලදාරීන් විසින් නිවේදනය කරනු ඇතැයි ද මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයාගේ නිවේදනයේ දක්වා ඇත.

මේ අතර රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානී ලියනගේ පවසන්නේ පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ දී අද (07) උදෑසන පැවැති රැස්වීම සාර්ථක බවයි. ඒ අනුව මැතිවරණය පැවැත්වීම සම්බන්ධ ඡන්ද පත්‍රිකා ඇතුළු අනිකුත් ලිපි ලේඛන මුද්‍රණය සඳහා අවශ්‍ය මුදල් ලබාගැනීමට භාණ්ඩාගාරයට දැනුම් දිය යුතු බව ද ඇය කීවාය.

පොලිස් ආරක්ෂාව ලබාගැනීම සඳහා පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කරන බව ද ඇය කියයි.

දැනට මුද්‍රණය කර ඇති ඡන්ද පත්‍රිකා නැවත පරීක්ෂා කරන බව ද ඇය පැවසුවාය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (07) පාර්ලිමේන්තුවේ දී කියා සිටියේ මැතිවරණය පවත්වන්නේ රට ස්ථාවර වූ පසුව බවයි. රටේ ආර්ථිකය ස්ථාවර කිරීමට රජය ගෙනයන වැඩපිළිවෙළට එක්වන ලෙස විපක්ෂයට ආරාධනා කළ ජනාධිපතිවරයා රට ස්ථාවර වූ පසු මැතිවරණය පවත්වන බවට සහතික වූයේය.

ඔහු පවසන පරිදි අප්‍රේල් 25 මැතිවරණය පැවැත්විය හැකි ද යන්න ගැටලුවකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img

Latest articles

Back
Free WhatsApp News
Free Viber News
Messenger
Email
error: Content is protected !!