spot_img
spot_img

කිලිනොච්චියේ කිරි ගවයන් මරුට. ඖෂධ නැතැයි පශු වෛද්‍ය අංශ කියයි

පුවත්

විදෙස්

කිරි ගවයන්ගේ සිරුරේ ගෙඩි ඇති වී ඒවා පිපිරී තුවාල සිදුව ගවහන් මියයන බව කිලිනොච්චියේ ගොවීන් පවසයි. ගොවීන් පවසන්නේ දැනට ගවයන් 300කට වැඩි පිරිසකට රෝගය ඇතිවී තිබෙන බවයි. ඉන් ගවයන් 30ක් පමණ මේ වනවිට මියගොස් ඇතැයි ද පැවසේ.

මේ හේතුවෙන් කිරි ගන්නා දෙනුන්ගෙන් කිරි දොවාගැනීම ද නවතා ඇතැයි ගොවීහු කියති.

කිලිනොච්චියේ, කරච්චි, කල්මඩු, පෙරියමඩු, රාමනාදපුරම් වැනි ගම්මාන රැසක ගව පට්ටිවල ගවයන්ට රෝගය වැළඳී ඇත.

පශු වෛද්‍ය අංශ පවසන්නේ ගවයන්ට හටගන්නා පැපොල රෝගී තත්වයක් මේ දිස්ත්‍රික්කය පුරා ව්‍යාප්ත වෙමින් පවතින බවයි. පශු වෛද්‍ය කාර්යාලවල රෝගය වැළඳුණු ගවයන්ට අවශ්‍ය ඖෂධ නොමැතිවීම ද මේ වනවිට ගැටලුවක් වී පවතී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img

Latest articles

Back
Free WhatsApp News
Free Viber News
Messenger
Email
error: Content is protected !!