spot_img
spot_imgspot_img

රසායනික පොහොර තහනමින් සිදුවූ පාඩුව කෝටි 24,000ක්

පුවත්

විදෙස්

රසායනික පොහොර තහනම් කිරීම හේතුවෙන් පසුගිය 2022 වර්ෂයේ දී රටට සිදු වූ පාඩුව රුපියල් කෝටි 24,000ක් බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විදයා අංශය විසින් කරන ලද අධ්‍යයනයකින් තහවරු වී තිබේ.

වී සහ තේ නිෂ්පාදන පහළ වැටීම හේතුවෙන් සිදුවූ පාඩුව මෙලෙස ගණනය කර ඇති බව මහාචාර්ය වසන්ත අතුකෝරළ පවසයි.

පොහොර තහනම හේතුවෙන් සාමාන්‍යයෙන් සෑම ගොවියකුට ම අවම වශයෙන් රුපියල් 100,000.00ක පමණ පාඩුවක් සිදුව ඇති බව ද මෙම සමීක්ෂණයෙන් අනාවරණය වී ඇත. පසුගිය 2022 වර්ෂයේ මහ කන්නයේ දී 2021 වර්ෂයේ මහ කන්නයට සාපේක්ෂව වී මෙට්‍රික් ටොන් 1,131,164ක් අහිමි වී ඇත. එය 36% ක පාඩුවකි. යල කන්නයේ වී අස්වැන්න පෙර වර්ෂයට සාපේක්ෂව මෙට්‍රික් ටොන් 6626,527ක් හෙවත් 30%කින් අඩුවී තිබේ.

ඒ අනුව 2022 වර්ෂයේ දී, 2021 වර්ෂයට සාපේක්ෂව වී නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 1,7566,691කින් අඩුවී ඇති බව මහාචාර්ය අතුකෝරළ පෙන්වා දෙයි.

රසායනික පොහො‍ර තහනම හේතුවෙන් පසුගිය වර්ෂයේ දී තේ නිෂ්පාදනය ද මෙට්‍රික් ටොන් 47,000කට වැඩි ප්‍රමාණයකින් පහළ ගොස් ඇති බව සංඛ්‍යාලේඛන දත්ත අනුව තහවරු වී තිබේ. එය පෙර වර්ෂයට සාපේක්ෂව 16%කින් පහළ බැසීමකි.

මේ අතර 2022 දී රබර් අපනයනය 1.8% කින්ද පොල් අපනයනය  5.9%කින් ද  කුළු බඩු අපනයනය 18.9%කින් ද  එලවලු අපනයනය 6.6%කින් ද පහළ ගොස් ඇති බව පැවසූ මහාචාර්යවරයා විශාල විදේශ විනිමයක් මේ හේතුවෙන් රටට අහිමි වූ  බවද පෙන්වා දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!