spot_img
spot_imgspot_img

යාචක කාන්තාවකගේ දරුවා පැහැරගත් කාන්තාව ඇතුළු පිරිස අත්අඩංගුවට

පුවත්

විදෙස්

බම්බලපිටියේ යාචක කාන්තවකගේ මාස එකහමාරක් වයසැති දරුවා පැහැරගත් බව කියන කාන්තාවක අත්අඩංගුවට ගත්බව පොලිසිය කියයි. මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත්තේ වනාතවිල්ලුව ප්‍රදේශයේ දී ය.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ බිළිඳු දරුවා ද ඇය සමඟ සිට ඇති අතර දරුවා පැහැරගැනීමට උදව් උපකාර කළ බව කියන ත්‍රී රෝද රථ රියදුරකු සහ අතරමැදියකු ඇතුළු පිරිමි පුද්ගලයන් හතර දෙනකු ද පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

දරුවා පැහැරගත් බව කියන කාන්තාව දරුවකු බිහිකිරීමට සූදානමින් සිටි බවත්, ඇගේ කුසතුළ සිටි දරුවා මාස 07ක දී මිය යාමත් හේතුවෙන් දරුවකු සමඟ ගමට යාමට අවශ්‍යයැයි සැළසුම් කර ඇති බව ද පොලිසිය සඳහන් කරයි. ඇගේ සැමියා විදේශගතව සිටින්නෙකි.

දරුවකු මිලට ගැනීම සඳහා ලක්ෂ 03ක මුදලක් ද රැගෙන දරුවකු සෙයා දෙන්න යැයි දෙමටගොඩ ප්‍රදේශයේ ඇය දන්නා හඳුනන පුද්ගලයකුට පවසා ඇතැයි ද ඔහුගේ උදව්වෙන් මේ යාචක කාන්තාව හමුවී ඇගේ දරුවා මුදලට ඉල්ලා ඇතැයි ද පොලිසිය සඳහන් කළේය.

එම අවස්ථාවේ යාචක කාන්තාවව ද මේ ගනුදෙනුවට කැමැත්ත ප්‍රකාශ කර ඇත. ඒ අනුව යාචක කාන්තාවට රුපියල් 100,000.00ක්, අතරමැදියකුට රුපියල් 50,000.00ක්, ත්‍රී රෝද රථ රියදුරාට රුපියල් 2,000.00ක් තවත් දෙදෙනකුට රුපියල් 25,000.00 බැගින් දී ඇතැයි ද පොලිසිය සිදුකළ මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇත. එමෙන් ම දෙමටගොඩ රෙදිපිළි ආයතනයකින් දරුවා වෙනුවෙන් රුපියල් 1,900.00ක රෙදිපිළි රැගෙන දී ඇති බව ද පවසයි.

රුපියල් ලක්ෂයක  මුදලක් ලබාගැනීමෙන් පසු යාචක කාන්තාව දරුවා ලබාදීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් කොම්පඤ්ඤවීදියේ රථ ගාලක දී දරුවා බලෙන් ම රැගෙන මෝටර් රථයකින් වනාතවිල්ලුව දක්වා ගිය බව ද සැකකාර කාන්තාව පවසා ඇත.

තම දරුවා කිසියම් පිරිසක් විසින් පැහැරගත් බවට යාචක කාන්තාව විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව සීසීටීවී දර්ශන ඔස්සේ ත්‍රී රෝද රථයක ලියාපදිංචි අංකයක් සොයාගෙන ඒ අනුව සිදුකළ පරීක්ෂණයකින් පසු සැකකරුවන් අත්අඩංගුවට ගත් පොලිසිය වනාතවිල්ලුව පදිංචි කාන්තාව ද අත්අඩංගුවට ගනු ලැබීය.

බම්බලපිටිය පොලිසිය පවසන්නේ දරුවා පැහැරගෙන ගිය කාන්තාව, එම පැහැරගැනීමට සහ දරුවා මිලදී ගැනීමටත් විකිණීමටත් උදව් උපකාර කළ පුද්ගලයන් සහ දරුවා විකුණූ යාචක කාන්තාව ද යන සියලු දෙනා අධිකරණයට ඉදිරිපත් කරන බවයි.

මෙම යාචක කාන්තාව සහ ඇගේ සැමියා තදින් මත්කුඩුවලට ඇබ්බැහිවූවන් බව ද පොලිසිය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!