spot_img
spot_imgspot_img

“සල්ලි නැතත් මැතිවරණය පවත්වන්න” – ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරයි

පුවත්

විදෙස්

මැතිවරණයට මුදල් නැතැයි රජය කීව ද දින 90ක් ඇතුළත රටේ පළාත් 04න් දෙකක මැතිවරණය පැවැත්විය යුතු පකිස්ථාන ශ්‍රේෂ්ඨාධිකරණය අද (01) නියෝග කළේය.

පකිස්තාන මාධ්‍ය වාර්තාකරන්නේ අගවිනිසුරු උමාර් අටා බන්ඩියල්ගේ ප්‍රධානත්වයෙන් යුතු පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් තුනෙන් දෙකක බෙදීම් තීන්දුවක් ලබාදෙමින් පන්ජාබ් පළාතේ සහ කයිබර් පක්තුන්ක්වා පළාතේ මැතිවරණය පවත්වන ලෙස නියෝග කර තිබෙන බවයි.

රටේ මිලියන 214ක ජනගහනයෙන් මිලියන 110ක් වෙත් අඩකටත් වැඩි ප්‍රමාණයක් ජීවත්වන්නේ පන්ජාබ් පළාතේය. එය පකිස්තානයේ විශාලතම පළාතත් වෙයි. කයිබර් පක්ටුන්ක්වා පළාත රටේ වයඹ දිගින් පිහිටා ඇති අතර එහි මිලියන 35ක ජනතාවක් වාසය කරයි. තුන්වැනි විශාලත ම පළාතයි.

පකිස්තානයේ මැතිවරණය පැවැත්වීම සඳහා මුදල් ලබාදීම එරට මුදල් අමාත්‍යාංශය විසින ්ප්‍රතික්ෂේප කිරීමෙන් පසු පකිස්තාන මැතිවරණ කොමිෂන් සභාව මැතිවරණය සඳහා දිනයක් නියම කිරීමට අපොහොසත්විය.

එසේ වුව ද ජනාධිපති අරිෆ් අල්වි පෙබරවාරි 21 වැනි දින මැතිවරණයක් සඳහා දිනයක් නියම කළ විට ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කර තිබුණේ මැතිවරණය සඳහා ආරක්ෂාව සැපයීමට නොහැකි බවයි. පකිස්තාන ආණ්ඩුව ජනාධිපතිවරයාගේ ක්‍රියාව දැඩිව විවේචනය කරමින් නිවේදන පවා නිකුත් කළේය.

පකිස්තාන මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ පළාත් සභා මැතිවරණ දෙක සඳහා පකිස්තානයට රුපියල් බිලියන 15ක් හෙවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 57ක් අවශ්‍ය බවයි.

පකිස්තානය ද ශ්‍රී ලංකාව මෙන්ම චීනය ඇතුළු රටවල් කිහිපයකට ණය ගෙවාගත නොහැකිව දැඩිව අසරණ වී සිටින බැවින් දැඩි මූල්‍ය අර්බුදයකට ලක්ව සිටියි. ජාත්‍යන්තර මූල්‍ය අරමු‍දලෙන් පවා සහයෝගය ඉල්ලා ඇත. මූල්‍ය අර්බුදය හේතුවෙන් උද්ධමනය වේගයෙන් ඉහළ යමින් පවතින අතරම ගැඹුරු දේශපාලන අස්ථාවරත්වයකට ද මුහුණ දී සිටියි.

පකිස්තානයේ පාලන ක්‍රමය අනුව සන්නද්ධ හමුදාවල අණදීම ඇතුළු සීමිත බලතල කිහිපයක් ජනාධිපතිවරයා සතුවෙයි. රජයේ නායකයා ජනාධිපතිවරයා වන අතර අගමැතිවරයා රජයේ විධායක ප්‍රධානියාය.

විශ්වාසභංගයකින් අගමැති ධූරය අහිමි වූ ඉම්රාන් ඛාන්ගේ පක්ෂය විසින් මෙම පලාත් දෙක ම පානය කරන ලදී. පන්ජාබ් පළාත් සභාව 2023 ජනවාරි මස 14 වැනි දින විසුරුවා හරින ලද අතර ඉම්රාන් ඛාන්ගේ පක්ෂයේ සාමජිකයන් වන ප්‍රධාන අමාත්‍යවරුන්ගේ ඉල්ලීම මත අදාළ පළාත් ආණ්ඩුකාර විසින් 2023 ජනවාරි 18 වැනි දින කයිබර් පක්ටුන්ක්වා පළාත් සභාව ද විසුරුවා හරිනු ලැබීය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවව අනුව පකිස්තාන මැතිවරණ කොමිසම  පළාත් විසුරුවා හැර දින 90ක් ඇතුළත මැතිවරණය පැවැත්විය යුතුය.

නමුත් අගමැති ෂෙහ්බාස් ෂරීෆ්ගේ මධ්‍යස්ථ පකිස්තාන මුස්ලිම් ලීගය උත්සාහ ගන්නේ බලයේ රැඳී සිටීම සඳහා මැතිවරණය කල් දමා ගැනීමටය. ඉම්රාන් ඛාන්ට අවශ්‍යව ඇත්තේ පළාත් මැතිවරණන දෙක ජයග්‍රහණය කර පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට බල කිරීමයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!