spot_img
spot_imgspot_img

“විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ යෝජනා ආණ්ඩුව කියවලාවත් නෑ. වැරදි අර්ථකථන දෙන්න එපා“ FUTA කියයි

පුවත්

විදෙස්

“විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට පවුල් පිටින් රට යන්න රජය සල්ලි දෙනවාට ජනපති එරෙහි වෙයි. ‍ යෝජනා රැසක් ඉවතට යනුවෙන් අප විසින් පළකරන ලද පුවත සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය මගින් කරුණු පැහැදිළිකිරීමක්  එවා තිබේ.

එම කරුණු පැහැදිළිකිරීමේ දී සඳහන් කර ඇත්තේ මෙම යෝජනා සම්බන්ධයෙන් ජනතාව වැරදි වැටහීමක් ඇතිකරගැනීමට ඉඩ ඇති බැවින් පැහැදිළිකිරීම සිදුකරන බවයි.

එහි මෙලෙස දක්වා ඇත.

  1. “විශ්ව විද්‍යාල ආචාර්යවරුන් පශ්චාත් උපාධි පාඨමාලා වෙනුවෙන් විදේශ ගත වෙද්දී සිය පවුලේ සාමාජිකයන්ට ද රජයෙන් ගුවන් ගමන් ටිකට් පත් ලබා දෙන ලෙස” අප ඉල්ලා නොමැත. අතීතයේ එවැනි පිළිවෙතක් ගැන අපට අවබෝධයක් නැත.
  2. “අධ්‍යපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර සහ ආදාර්ශ පිලිතුරු පත්‍ර සැකසීම වෙනුවෙන් ගාස්තුවක් රජයෙන් විශ්ව විද්‍යාල ආචාර්යවරුන් වෙත ගෙවන අතර ඊට බදු අය නොකරන ලෙසට” අප සංගමය ඉල්ලා නොමැත. එම ඇගයීම් ක්‍රියාවලියට අප නියෝජිතයන් සමිබන්ධ වන්නේ එම විභාගයේ ගුණාත්මක තත්ත්වය ආරක්ෂා කිරිමට බව තව දුරටත් අවධාරණය කරනු කැමැත්තෙමි. නාමික ගෙවීමක් වශයෙන් සිදුකරනු ලබන එම ගෙවීම මෙසේ හෑල්ලුවට ලක් කිරීම පිළිකුලෙන් ප්‍රතික්ෂේප කරමු.
  3. “පශ්චාත් උපාධි පාඨමාලා හැදෑරීම වෙනුවෙන් ආචාර්යවරුන්ට වසර හත බැගින් වූ නිවාඩුවක් අවස්ථා දෙකක දී හිමි වන අතර බහුතරයකට මෙය ශිෂ්‍යත්වයක් ලෙස හිමිවේ”. අන්තර්ගතයක් ලෙස ගත්කල මෙහි සදහන් සියලල සාවද්‍ය වේ. එසේ භාවිතයක් හෝ ඉල්ලිමක් සිදුකර නොමැත.
  4. “එසේම ඔවුන්ට හිමි දීමනා වලින් බදු ඉවත් කරන ලෙසත්” අප සංගමය මෙවැනි ඉල්ලිමක් කිසිම විටක සිදුකර නොමැත. බදු ගෙවන්නන්ගේ ජීවිතය දුෂ්කර කර ඇති දේශීය ආදායම් පනත සංශෝධනය කිරීමේදී සලකා බැලිය යුතු පුළුල් යෝජනාවක් අපි රජයට යෝජනා කර ඇති අතර, අපේ යෝජනාව ආණ්‌ඩුව කියවාවත් නැති බව පෙනේ. අපගේ යෝජනාව මෙතරම් ඉක්මනින් ඉවත දැමීම ගැන අපට කලකිරීමක් දැනේ.
  5. “විශ්ව විද්‍යාල උපකුලපතිවරු සම්මුඛ පරික්ෂණ පවත්වා පත් නොකරන ලෙසට ද ඉල්ලීමක් ඉදිරිපත්ව ඇත”. උපකුලපතිවරුන් පත් කිරීම සඳහා මෙම ක්‍රමය කිසි විටෙක භාවිතා කර නොමැති අතර එය දැනට භාවිතයේ ද නොමැත. එසේ වුවද, පත්වීම් ක්‍රියාවලියට දේශපාලන ඇඟිලි ගැසීම් නිසා දැනට පවතින ක්‍රමය යටතේ වඩාත් සුදුසුකම් ඇති සහ දක්ෂ උපකුලපතිවරුන් පත්කිරීම වැළැක්වී තිබීම ගැන අපි කනස්සල්ලට පත්ව සිටිමු. පවතින ක්‍රමයේ අසාර්ථකත්වය නිසාම, පුද්ගලයෙකුගේ සුදුසුකම් සහ හැකියාවන්ට වඩා දේශපාලන අවශ්‍යතාවලට ප්‍රමුඛත්වය දීම මගින් නුසුදුසු පුද්ගලයින් උපකලපති තනතුරුවලට පත්ව තිබේ. FUTA මෙම ක්‍රියාපටිපාටිය වෙනස් කිරීම සඳහා දිගින් දිගටමබලපෑම් කරන බව සත්‍යයකි.
  6. “මෙහිදී ජනපතිවරයා දැනුම් දී ඇත්තේ සනාතන සභාවෙන් නම් තුනක් යොමු කළහොත් ඉන් එක් නමක් තමන්ට පත් කළ හැකි බවයි”. විශ්වවිද්‍යාල පනත අර්ථ දක්වන ක්‍රියා පටිපාටිය මෙය නොවේ. මෙම ප්‍රකාශය නොමඟ යවන සුළු සහ පනතට වැරදි අර්ථකථනයක් සපයයි. සනාතන සභාවට එවැනි බලයක් නොමැත.

මෙම ලිපිය යොමුකර ඇත්තේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ ලේකම්වරයා විසිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!