spot_img
spot_imgspot_img

ණය ගෙවන්න බිලියන 4,979ක් ණය වෙන රටක්

පුවත්

විදෙස්

ණය වාරික පොලී ගෙවීම සඳහා පමණක් 2023 වර්ෂය සඳහා රුපියල් බිලියන 4979ක මුදලක් ණය ලෙස ලබාගැනීමට පාර්ලිමේන්තුවෙන් අනුමත කර ඇතැයි  ජනමාධ්‍ය ඇමති කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන පවසයි.

දේශීය බැංකු සහ ආයතන වෙතින් රුපියල් බිලියන 3526ක් සහ විදේශීය බැංකු සහ ආයතන වෙතින් රුපියල් බිලියන 1,453ක් ලබාගැනීමට ඇස්තමේන්තු කර තිබෙන බව ද අමාත්‍යවරයා කීවේය.

මෙම ණය ගැනීමේ සීමාව තුළ අවශ්‍ය අරමුදල් සපයා ගැනීම සඳහා භාණ්ඩාගාර ලේකම්වරයාට බලය පැවරීමට ජනාධිපතිවරයා කරන ලද යෝජනාවකට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ද හිමිව තිබේ. දේශීය මූලාශ්‍ර යටතේ භාණ්ඩාගාර බිල්පත්, භාණ්ඩාගාර බැඳුම්කර, විදේශීය ව්‍යවහාර බැංකු ඒකක ණය සහ ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර මගින් අවශ්‍ය ණය මුදල් සපයා ගැනීම සිදුකරයි. 2023 වර්ෂයේ මුල් මාස 06 තුළ විදේශීය මුදලින් සිදු කළ යුතු මුල් ණය සේවා ගාස්තු ගෙවීම් ඇමෙරිකානු ඩොලර් මිලියන 2,069ක් ලෙස ඇස්තමේන්තුගත කර ඇත.

ඉන් ඩොලර් මිලියන 540ක් පොලිය ගෙවීම් සඳහාය. ඇමෙරිකානු ඩොලර් මිලියන 709ක ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර ණය සහ ඒ සඳහා පොලිය වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 46ක් ද ඇතුළත් වේ.

අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ කුමන ආණ්ඩුවක් පැවතිය ද ආණ්ඩුකරන සියලු දෙනා මේ බැඳීම්වලට යටත්වන බවයි. එක් ආණ්ඩුවක් ගත් ණය අනෙක් ආණ්ඩුවට නොගෙවා සිටීමට නොහැකි බව ද ඔහු පෙන්වා දුන්නේය.  පත්වන ආණ්ඩු ණය ගෙවීම පැහැර හැරියහොත් ජාත්‍යන්ත මට්ටමින් නඩු පැවරීමක් සිදුවන බව ද බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!