spot_img
spot_imgspot_img

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

පුවත්

විදෙස්

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (07) දිනයේ ගනුදෙනු 15,882ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,876ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 10ක් පහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 8,628ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 446
  • සොෆ්ට්ලොජික් කැපිටල් සමාගම රුපියල් මිලියන 332
  • සොෆ්ට්ලොජික් ලයිෆ් සමාගම රුපිය්ල මිලියන 279

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • සොෆ්ට්ලොජික් කැපිටල් සමාගම කොටස් මිලියන 32
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 09
  • ඩිප් ප්‍රඩක්ට් සමාගම කොටස් මිලියන 04

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • ලාෆ් ගෑස්  සමාගම (X) 12%
  • ලංකා වෙන්චර්ස් සමාගම 08%
  • යුනියන් බැංකුව 05%

සංවෘත කවය තුළ කොටස් ගනු දෙනු වූ සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම  කොටස් 1,985,000ක් රුපියල් 170 බැගින්
  • ඩිප් ප්‍රඩක්ට් සමාගම කොටස් මිලියන 03ක් රුපියල් 27 බැගින්
  • ඒෂියන් හොටෙල් ප්‍රොපර්ටීස් සමාගම කොටස් ලක්ෂ 05ක් රුපියල් 40.00 බැගින්
  • ලංකා අයිඕසී කොටස් 115,000ක් රුපියල් 175.00 බැගින්

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 339
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 193
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 185

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 161ක් කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 14ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 147ක මුදලක් කොටස් වෙළෙඳ  පොළට ආයෝජනය කර තිබිණි.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 90
  • එයිට්කන්ට් ස්පෙන්ස්  සමාගම රුපියල් මිලියන 21
  • හෙළ ක්ලෝතින් සමාගම රුපියල් මිලියන 11

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • ඩිප් ප්‍රඩක්ට් සමාගම රුපියල් මිලියන 14

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!