5.2 C
New York

ෂාෆ්ටර්ගේ ඝාතන නඩු භාණ්ඩ අතර ආගන්තුකයකුගේ ඩීඑන්ඒ හමුවෙයි

Published:

දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණයට අදාළව රජයේ රස පරීක්ෂකවරයා වෙත යැවූ නඩු භාණ්ඩවල මරණකරුගේ ජෛව සාම්පලවලට අමතරව වෙනත් ජෛව සාම්පල තිබී හමුවී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය හමුවේ අද (14) කියා සිටියේය.

මේ බව රස පරීක්ෂක වාර්තාවේ දැක්වෙන බවත්, ‍ඝාතනයට අදාළ සැකකරුවන් සිටීනම් හෝ අපරාධ ස්ථානයට මුලින් පැමිණි අය සිටීනම් ඔවුන්ගේ ඩීඑන්ඒ රටා සැසඳීම සඳහා ලබන 20 වැනි දා රජයේ රස පරීක්ෂක වෙත යොමු කරන්න යැයි ද දැනුම් දී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු පැවසීය.

මෙම කරුණු දැක්වීමෙන් පසු මහේස්ත්‍රාත්වරිය කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී අජිත් තෙන්නකෝන් වෙත නියෝගයක් නිකුත් කරමින් දන්වා සිටියේ ෂාෆ්ටර්ගේ ශරීර කොටස් කොළඹ මහ රෝහලේ තබාගෙන ඇත්නම් අධිකරණය විසින් දැනුම් දෙනතුරු ඒවා විනාශ කිරීමට හෝ වෙනස් කිරීමට පියවර නොගන්නා ලෙසයි.

මියගිය ෂාෆ්ටර්ගේ සිරුරු කොටස් අධිකරණයේ අවසරයකින් තොරව විනාශ නොකරන ලෙසත්, ඒවා ආරක්ෂිතව තබාගන්නා ලෙසත් අධිකරණය රජයේ රස පරීක්ෂකවරයාට ද නියෝග නිකුත් කළේය.   

Related articles

Recent articles

spot_img