spot_img
spot_imgspot_img

රජය බදු සංශෝධනය කරයි

පුවත්

විදෙස්

උපයනවිට අයකරන ලද බදු නැවත සංශෝධනය කිරීමට රජය පියවර ගෙන තිබේ. ඒ අනුව නිල නිවාස, වාහන, ඉන්ධන දීමනා, දුරකථන දීමනා සහ ණය සඳහා අයකරන බදු ප්‍රමාණ අඩුකරමින් දේශීය ආදායම් ‍කොමසාරිස් ජනරාල්වරයා විසින් නව චක්‍රලේඛයක් නිකුත්කර ඇත.

ඒ අනුව රුපියල් ලක්ෂ දෙකට අඩු ආදායම් ලබා ගන්නා පුද්ගලයන්ගෙන් නිවාස සඳහා අය කළ රුපියල් 20,000.00ක් හෝ මුළු වැටුපෙන් 12.5%  ක් ලෙස සැලකූ ප්‍රතිලාභය මූලික වැටුපෙන් 12%ක් ලෙස සංශෝධනය කර තිබේ.

රුපියල් ලක්ෂ දෙකකට වඩා ආදායම් ලබා ගන්නා පුද්ගලයන්ගෙන් නිවාස සඳහා රුපියල් 40,000.00 හෝ වැටුපෙන් සියයට 12.5%ක් ලෙස සැලකූ ප්‍රතිලාභය මූලික වැටුපෙන් 12.5%ක් ලෙස සංශෝධනය කර තිබේ.

ගෘහ භාණ්ඩ වෙනුවෙන් රුපියල් 5000.00ක් හෝ බැටුපෙන්  2.5% ප්‍රතිලාභය බද්දෙන් ඉවත් කර තිබේ.

එන්ජින් ධාරිතාවය ඝන සෙන්ටි මීටර් 1800ට අඩු සහ ඝත සෙන්ටිමීටර් 1800ට වැඩි ලෙස පිළිවෙළින් රුපියල් 50,000.00 සහ 75,000.00ක් ලෙස සැලකූ ප්‍රතිලාභය රුපියල් 20,000.00 ක් රියදුරු සඳහා රුපියල් 10,0000‍.00ක් සහ ඉන්ධන සඳහා රුපියල් 20,000.00 ක් ලෙස වෙනස්කර තිබේ.

තවද ඉන්ධන දීමනාව 100%ක් ම බද්දට යටත් වූ අතර එය 25% දක්වා අඩු කර තිබේ. 

කේෂ්ත්‍ර රාජකාරි සඳහා ලබාදී ඇති වාහන පෞද්ගලික භාවිතයේ දි සීමා රහිතව කිලෝමීටරයකට රුපියල් 25.00ක් ලෙස සැලකූ  ප්‍රතිලාභය කිලෝ මීටරයට රුපියල් 25.00ක් හෝ රියදුරු සහිතව රුපියල් 20,000.00ක් සහ රියදුරු සහිතව රුපියල් 30,000.00 ක් යන දෙකෙන් අඩු ප්‍රමාණය ලෙස සංශෝධනය කර තිබේ. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!