කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (02) දිනයේ ගනුදෙනු 19,200ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,809ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 72ක් ඉහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 9,022ක් ලෙසිනි
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 277
- ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 237
- සොෆ්ට්ලොජික් ලයිෆ් සමාගම රුපියල් මිලියන 128
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- සොෆ්ට්ලොජික් කැපිටල් සමාගම කොටස් මිලියන 07
- අමානා බැංකුව කොටස් මිලියන 6.6
- බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 6.3
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- සෙන්ට්‍රල් ඉන්ඩස්ට්‍රීස් සමාගම 16%
- ලී හෙජර්ස් සමාගම 16%
- පෑන් ඒෂියා බැංකුව 12.5%
සංවෘත කවය තුළ කොටස් ගනු දෙනු වූ සමාගම්
- මෙල්ස්ටා කොප් සමාගම කොටස් මිලියන 01ක් රුපියල් 53.40 බැගින්
අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම
- එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 373
- ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 198
- එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 195
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 297ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 93ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 204ක මුදලක් කොටස් වෙළෙඳ පොළට ආයෝජනය කර තිබිණි.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්
- ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 224
- ටෝකියෝ සිමෙන්ට් සමාගම (X) රුපියල් මිලියන 28
- එයිට්කන්ට් ස්පෙන්ස් සමාගම රුපියල් මිලියන 10
විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්
- මෙල්ස්ටා කොප් සමාගම රුපියල් මිලියන 57
- ඩිප් ප්‍රඩක්ට් සමාගම 08
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ