-3.5 C
New York

සිසුන් තිදෙනකුට මරු කැඳවූ රදැල්ල අනතුරේ, බස් රියදුරාට ඇප

Published:

පාසල් සිසුන් තිදෙනකු ඇතුළු 06 දෙනකුට මරු කැඳවමින් නානුඔය රදැල්ල කෙටි මාර්ගයේ දී අනතුරට ලක්වූ බස් රථයේ රියදුරා රුපියල් 25,000.00ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදාහැර තිබේ.

නුවරඑළිය මහේස්ත්‍රාත් නාලක සංජීව එදිරිමාන්න ඊයේ ඔහු මෙලෙස ඇප මත මුදාහැරියේය. එම අනතුර සම්බන්ධ නඩුව නැවත මාර්තු 02 වැනි දා කැඳවීමට නියමිතය.

මෙසේ ඇප මත මුදා හරිනු ලැබුවේ හොරණ කුඩුඋදුව ප්‍රදේශයේ පදිංචි ඉගුරගේ ඥාණරත්න නැමති (62) හැවිරිදි අයයි.

පසුගිය ජනවාරි 20 වැනි දා කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ සිසුන් පිරිසක් රැගත් බසයක් මෙලෙස අනතුරට ලක්විය. තර්ස්ටන් සිසුන් රැගත් බස් රථ නුවරඑළියේ සිට කොළඹ පැමිණෙද්දී ඔවුන් නානුඔය රදැල්ල කෙටි මාර්ගය තෝරාගෙන තිබිණි. එම මාර්ගයේ කර්බර්ග් වත්ත අසළ දී බස් රථය විරුද්ධ දිශාවට ධාවනය වූ වෑන් රථයක සහ ත්‍රී රෝද රථයක ගැටී තිබූ අතර වෑන් රථයේ සිටි 05 දෙනකු සහ ත්‍රී රෝද රථයේ රියදුරා අනතුරින් මියගියහ. මියගිය අය අතර පාසල් සිසුන් 03 දෙනකු සිටි අතර ඔවුන් එම ප්‍රදේශයේ පදිංචිකරුවෝය.

අනතුරින් තර්ස්ටන් විදුහලේ සිසුන් 41 දෙනකු ඇතුළු 53 දෙනකු තුවාල ලබා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කෙරිණි.

Related articles

Recent articles

spot_img