spot_img

බසයක් පෙරැළී ගිනිගෙන 40ක් මරුට

පුවත්

විදෙස්

පකිස්තානයේ බලුකිස්තාන්හි ක්වෙටා පළාතේ සිට සින්ද් පළාතේ කරච්චි වෙත ධාවනය වෙමින් බසයක පෙරැළී ගිනිගැනීමෙන් පුද්ගලයන් අවම වශයෙන් 40 දෙනකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පකිස්තානයේ නිරිතදිග ප්‍රෙද්ශයේ මාර්ගයක ඇති පාලමකින් මේ බසය පෙරැළී ඇත. අනතුර සිදුවන අවස්ථාවේ එහි 44 දෙනකු සිටි බවත් ඉන් බේරාගත හැකිවූයේ පුද්ගලයන් 04 දෙනකු බවත් එරට පොලිසිය පවසයි.  

අධික වේගයෙන් පැමිණි බස් රථය පාලමේ බාධකයක ගැටී පහතට පෙරැළී ගිනිගෙන විනාශ වී ඇත.

මළ සිරුරු 40ක් සොයාගෙන ඇතත් එම සිරුරු හඳුනාගත නොහැකි තරමට පිළිස්සී ඇතැයි ද පැවසේ.  එබැවින් ඒවා කරච්චි වෙත ගෙනගොස් DNA පරීක්ෂණ සිදුකිරීමෙන් අනතුරුව හඳුනාගත හැකි වුවහොත් ඥාතීන් වෙත බාර දෙන බව ද පකිස්තාන බලධාරීන් පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles