spot_img
spot_imgspot_img

“අපේ අම්මා බුදු හාමුදුරුවෝ, 13 ක්‍රියාත්මක කරන්න ඉඩ දෙන්නේ නෑ” – මහාචාර්ය හිමි කියයි

පුවත්

විදෙස්

වර්ගවාදී අර්බුදයට විසඳුමක් ලෙස ඉදිරිපත් කෙ‍රුණු 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් බලාත්මක කිරීමට මහා සංඝරත්නය කිසිදු අවස්ථාවක ඉඩ ලබා නොදෙන බව මහාචාර්ය ඉඳුරාගරේ ධම්මරතන හිමි පවසයි.

ඒ හිමියන් මේ බව කියා සිටියේ අභයාරාම විහාරස්ථානයේ පැවැති ආගමික උත්සවයකට එක් වෙමිනි.

මෙම ප්‍රකාශය සිදුකරන අවස්ථාවේ අගමැති දිනේෂ් ගුණවර්ධන සහහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යන දෙදෙනා ද එහි සිටියහ.

“අපේ තාත්තා රට, අපේ අම්මා බුදු හාමුදුරුවෝ. ඒක හින්දා සම්බුද්ධ ශාසනය කසායක් නම් අපේ රට විතරයි එකම මුට්ටිය ඒක දරාගෙන ඉන්න. ඒක දෙකට කඩලා තුනට කඩලා 13 පූර්ණ වශයෙන් බලාත්මක කරලා ඉඩම් සහ පොලිස් බලතල දෙනවා නම් හෙටත් නැඟිටින්න ලෑස්තියි ඊට විරුද්ධව හාමුදුරුවරු. ඒක නිසා මේ 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව පිළිබඳ සාකච්ඡා කළොත් ඒකත් දේශපාලනය කියනවා නම් කමක් නැහැ. තාත්තා රැකගැනීම උදෙසායි ඒ සියල්ල කරන්නේ. බුදු හාමුදුරුවන්ගේ දේශනාව රකින එකම රට සම්බුද්ධ ශාසනය තියෙන මේ සම්බුද්ධ ශාසනය තියෙන එකම රට ලංකාව. ඒක කෑලි දෙකකට හෝ තුනකට හෝ කඩන්න හෝ කැඩෙන්න ඉඩ හරින්න හෝ කවුරු අත ඉස්සුවත් විරුද්ධයි විරුද්ධයිම තමයි. කැමති නැහැ කැමති නෑම තමයි. හොඳක් වෙන්නෙ නැහැ වෙන්නෙ නෑම තමයි.”

13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මෙරට බලාත්මක නීතියකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් නීතියක් ක්‍රියාත්මක නොකරන ලෙසත්, එසේ කළොත් ඊට මහා සංඝරත්නය එරෙහිවන බවත් පවසන්නේ කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය හිමිනමකි.

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!