කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (26) දිනයේ ගනුදෙනු 16,419ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,935 වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 32 ඉහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 8,957ක් ලෙසිනි
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 421
- එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 279
- සොෆ්ට්ලොජික් කැපිටල් සමාගම රුපියල් මිලියන 194
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- සොෆ්ට්ලොජික් කැපිටල් සමාගම කොටස් මිලියන 12
- එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 5.2
- බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 5.2
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- ටෝකියෝ සිමෙන්ට් සමාගම (X) 09%
- ඇක්මී සමාගම 07%
- ටෝකියෝ සිමෙන්ට් සමාගම 06%
සංවෘත කවය තුළ කොටස් ගනුදෙනු වූ සමාගම්
- හේමාස් හෝල්ඩින්ස් සමාගම කොටස් 350,000ක් රුපියල් 60.00 බැගින්
- මෙල්ස්ටා කොප් සමාගම කොටස් 594,000ක් රුපියල් 50..00 බැගින්
අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම
- එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 374
- එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 209
- ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 192
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 127ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 192ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 65ක මුදලක් කොටස් වෙළෙඳ පොළෙන් ඉවත්කරගෙන තිබිණි.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්
- ටෝකියෝ සිමෙන්ට් සමාගම (X) රුපියල් මිලියන 13
- එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 05
- සීඅයිසී සමාගම රුපියල් මිලියන 02
විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්
- එච්.එන්.බී බැංකුව රුපියල් මිලියන 52
- මෙල්ස්ටා කොප් සමාගම රුපියල් මිලියන 32
- ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 11
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ