තෝමස් අල්වා එඩිසන් සහ ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම් බෙල්, නිව්යොර්ක් නගරයේ දී ඔරියන්ටල් බෙල් දුරකථන සමාගම සහ සීමාසහිත Anglo-Indian Telephone Company, Ltd අතර ඇති කරගත් ගිවිසුමක ප්‍රතිඵලයක් ලෙස 1881 ජනවාරි 25 දින පෙරදිග දුරකථන සමාගම පිහිටුවන ලදී . මෙය ලෝක සන්නිවේදන විප්ලයක් ඇතිකරන සිදුවීමක් විය.
මේ සමාගමේ ග්‍රැහැම් බෙල්ගේ සහාකයකූ වූ තෝමස් ඒ. වොට්සන් පළමු දුරකථන ඇමතුම ගන්නා බවට පත්වූයේය. බෙල් තම දුරකථනය මුල් වරට පරීක්ෂාකරන විට බෙල්ගේ සටහන් පොතේ දැක්වෙන්නේ “Mr. Watson – Come here – I want to see you”, යනුවෙන් වොට්සන් තමන් ඇමතූ බවයි. 1931 වර්ෂයේ දී බෙල් ලැබ්ස් යනුවෙන් නිෂ්පාදනය වූ චිත්‍රපටයකට තෝමස් වොට්සන් තම හඬින් ම එම වැකිය නැවත සිහිපත් කර තිබිණි.
දුරකථන සන්නිවේදනය මහද්වීප අතර මුලින්ම සිදුවූයේ ද 1915 ජනවාරි 25 වැනි දා අද වැනි දිනක දී ය. වොට්සන් සැන් ෆ්‍රැන්සිස්කෝ හිි ග්‍රාන්ට් මාවතේ අංක 333 දරණ ස්ථානයේ සිටි අතර නිව්යෝර්ක් නගරයේ 15 වැනි වීදියේ දුරකථන ගොඩනැගිල්ලේ සිට බෙල් විසින් ප්‍රථම මහාද්වීපික දුරකථන ඇමතුම ලබාගන්නා ලදී ජනාධිපති වුඩ්රෝ විල්සන් සහ නගර දෙකෙහි ම නගරාධිතිවරු ද එම ඇමතුවට සම්බන්ධ වූහ.
ලෝකයේ සන්නිවේදන විප්ලයට හේතු වූ ඇමතුම් මුල්වරට ගෙන ඇත්තේ ජනවාරි 25 වැනි දිනක වීම විශේෂත්වයකි.