spot_img
spot_imgspot_img

85 වැනි වියේ සිටින ෆවුසි, නැවතත් පාර්ලිමේන්තුවට

පුවත්

විදෙස්

හිටපු අමාත්‍යවරයකු වන ඒ.එච්.එම්.ෆවුසි පාර්ල‍ිමේන්තු මන්ත්‍රීධූරයට නම්කරමින් මැතිවරණ කොමිසම විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. හිටපු අමාත්‍යවරයකු වන ඒ.එච්.එම්.ෆවුසි මේ වනවිට 85 වැනි වියේ පසු වෙයි.

කොළඹ නගරාධිපතිධූරයට ඉදිරිපත්විම සඳහා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයෙන් මුජිබර් රහුමාන් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රීධූරයට ෆවුසි නම්කර ඇත.

පසුගිය මහා මැතිවරණයේ දී සමගි ජන බලවේගයට කොළඹ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීධූර 06ක් හිමි වූ අතර ඒ.එච්.එම්.ෆවුසි මනාප 48,701ක් ලබා 07 වැනි ස්ථානයට පත්විය.

ඒ.එච්.එම්.ෆවුසි කොළඹ නගරාධිපතිවරයා ලෙස ද කටයුතු කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!