කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (23) දිනයේ ගනුදෙනු 26,436ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 2,090 වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 272 ඉහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 8,990ක් ලෙසිනි
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 201
- ෆස්ට් කැපිටල් සමාගම රුපියල් මිලියන 178
- එක්ස්පෝ ලංකා සමාකම රුපියල් මිලියන 112
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 28
- ඉන්ඩස්ට්‍රියල් ඇක්ස්හෝල් සමාගම කොටස් මිලියන 10
- එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 08
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- නේෂන් ලංකා සමාගම 20%
- මුලර්ස් සමාගම 20%
- ක්‍රිස් වර්ල්ඩ් සමාගම 17%
අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම
- එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 390
- එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 198
- ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 190
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 74ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 42ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 32ක මුදලක් කොටස් වෙළෙඳ පොළට ආයෝජනය කර තිබිණි.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්
- බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 42
- හේමාස් සමාගම රුපියල් මිලියන 12
- ටෝකියෝ සිමෙන්ති සමාගම රුපියල් මිලියන 04
විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්
- එලඕඑල්සී ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 11
- ලංකා ටයිල් සමාගම රුපියල් මිලියන 10
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ