14.9 C
New York

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (20) දිනයේ ගනුදෙනු 21,507ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2,244ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 233ක් ඉහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 8,718ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 221
  • හේලීස්  සමාගම රුපියල් මිලියන 221
  • සම්පත් බැංකුව රුපියල් මිලියන 141

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • පීපල්ස් ලීසිං සමාගම කොටස් මිලියන 14
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 11
  • සොෆ්ට්ලොජික් කැපිටල් සමාගම කොටස් මිලියන 05

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • එල්සීබී ෆිනෑන්ස්  සමාගම 19%
  • එච්එන්බී ෆිනෑන්ස් සමාගම 16%
  • පීපල්ස් ලීසිං සමාගම  16%

සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්

  • සම්පත් බැංකුව කොටස් මිලියන 01ක් රුපියල් 40.00 බැගින්
  • ජෝන් කීල්ස් කොටස් ලක්ෂ 05ක් රුපියල් 137.50 බැගින්
  • ලයන් ලාගර් සමාගම කොටස් 86,700ක් රුපියල් 600.00 බැගින්
  • හැටන් නැෂනල් බැංකුව කොටස් 265,000ක් රුපියල් 79.00 බැගින්

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 387
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 190
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 183

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 178ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 118ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 60ක මුදලක් කොටස් වෙළෙඳ  පොළට ආයෝජනය කර තිබිණි. 

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • හේමාස් සමාගම රුපියල් මිලියන 84
  • ලයන් බෲවරි සමාගම රුපියල් මිලියන 52

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • හැටන් නැෂනල් බැංකුව රුපියල් මිලියන 76
  • ලංකා ලුබ්රිකන්ට් සමාගම රුපියල් මිලියන 17

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

Recent articles

spot_img