spot_img
spot_imgspot_img

පාසල් දරුවන් රැසකට අතවර කළ, පාසල් වෑන් රථ හිමියා රිමාන්ඩ්

පුවත්

විදෙස්

තම ලිංගික ආශාවන් වෙනුවෙන් පාසල් දරුවන් රැසක් අප‍යෝජනයට ලක්කළ පාසල් වෑන් රථ හිමිකරුවකු ලබන 26 වැනි දා දක්වා රිමාන්ඩ් කිරීමට අලුත්කඩේ අංක 06 මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා නියෝග කළේය.

මෙලෙස රිමාන්ඩ් කරන ලද්දේ කඩවත ප්‍රදේශයේ පදිංචිව සිටි පාසල් වෑන් රථ හිමිකරුවෙකි. ඔහු විසින් ම මෙම වෑන් රථයේ දරුවන් රැගෙන පාසල්වලට ගොස් යළි පැමිණෙයි.

තම දරුවා නිවසට පැමිණී‍මේ දී පැමිණිය යුතු වේලාවට වඩා ප්‍රමාදවන බව තේරුම්ගත් කඩවත ප්‍රදේශයේ පදිංචි මවක් දරුවා ගැන සෝදිසියෙන් සිටීමේ දී ඔහු මෙම වෑන් රථ හිමියාගේ අතවරයට ලක්වන බව තේරුම්ගෙන ඇත. ඒ පිළිබඳ ළමා ආරක්ෂණ අධිකාරියට ඇය විසින් කරන ලද පැමිණිල්ලකට අනුව පරීක්ෂණ පවත්වා සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

ළමා ආරක්ෂණ අධිකාරිය අධිකරණයට දන්වා සිටියේ මෙම තැනැත්තා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේ දී තවත් දරුවන් රැසක් ඔහු විසින් අපයෝජනය කළ බවට පාපොච්චාරණය කළ බවය. ඔහුගේ ජංගම දුරකථනය පරීක්ෂා කිරිමේ දී දරුවන්ගේ නිරුවත් ඡායාරූප, අසභ්‍ය වීඩියෝ දර්ශන රැසක් තිබුණු බව ද ළමා ආරක්ෂණ අධිකාරිය අධිකරණයට දැනුම් දුන්නේය.

පාසලේ සිට පැමිණෙන දරුවන් අතරින් වෑන් රථයේ අවසානයට ඉතිරිවන දරුවාට මහ මඟ වෑන් රථය නවතා අතවර කළ බවත්, ඇතැම් දරුවන්‍‍ගේ නිවෙස්වලට ගොස් ඔවුන්ට අතරව කළ බවත් ඔහු ප්‍රකාශ කර ඇත.

සැකකරුගේ පාසල් ප්‍රවාහන වෑන් රථය ළමා ආරක්ෂණ අධිකාරිය භාරයට ගෙන ඇති අතර එය රජයේ රස පරීක්ෂකවරයාට වෙත ඉදිරිපත් කිරීමට ද නියමිතය.   

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!