spot_img
spot_imgspot_img

ඉන්දියාව, චීනය අභිබවා යයි ?

පුවත්

විදෙස්

ඉන්දියාව මේ වසරේ චීනය අභිබවා ලෝකයේ වැඩිම ජනගහනයක් සිටින රට බවට පත්වනු ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

චීනයේ බිලියන 1.4 ක ජනගහනයට සාපේක්ෂව ඉන්දියාවේ ජනගහනය බිලියන 1.38 ක් ලෙස ගණන් බලා ඇත.‍

මිලියන 230 ක ජනගහනයක් සහිත උත්තර් ප්‍රදේශ්, රටේ වඩාත්ම ජනාකීර්ණ ප්‍රාන්තය වන අතර, 68,000 ක් පමණක් සිටින ලක්ෂද්වීප්, අඩුම ජනගහනය සහිත ප්‍රාන්තය වේ.

ඉන්දියාවේ ජනගහනයෙන් 27.3% ක් වයස අවුරුදු 15 ත් 29 ත් අතර වෙයි.

වසර 2050 වනවිට ගෝලීය ජනගහනයේ ප්‍රක්ෂේපිත වැඩිවීමෙන් අඩකට වඩා වැඩි ප්‍රමාණයකට වගකිව යුතු යැයි අපේක්ෂා කරන රටවල් අට අතර ඉන්දියාව ද වේ.

කෙසේවුවද ඉන්දියාවේ ජනගහන වර්ධන වේගය මන්දගාමී වී ඇති බව වාර්තා පෙන්වා දෙයි. රටේ වාර්ෂික ජනගහන වර්ධනය 2011 සිට 1.2% ක සාමාන්‍ය අගයක් ගත් අතර එය පෙර වසර 10 තුළ පැවතියේ 1.7%ක අගයකය.

ඉන්දියාවේ පවුල් සැලසුම් ක්‍රම භාවිතය 2015-16 දී 53.5% සිට 2019-21 දී 66.67% දක්වා වැඩි විය.

https://www.reuters.com/world/asia-pacific/india-set-overtake-china-worlds-most-populous-nation-2023-01-17/

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!