spot_img
spot_imgspot_img

මන්දපෝෂණය ගැන අනාවරණය කළ නිසා රැකියාව අහිමි වූ වෛද්‍යවරයා ගැන, පාර්ලිමේන්තුව වාර්තාවක් කැඳවයි

පුවත්

විදෙස්

ශ්‍රී ලංකාවේ දරුවන් අතර මන්ද පෝෂණය වර්ධනය වෙමින් තිබෙන බවට ප්‍රකාශ කිරීම හේතුවෙන් වැඩ තහනමට ලක්ව සිටින විශේෂඥ වෛද්‍ය චමල් සංජීව සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් වාර්තාවක් කැඳවීමට පාර්ලිමේන්තුව තීරණය කර තිබේ.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ මහජන පෙත්සම් කාරක සභාවට පෙත්සමක් ඉදිරිපත් කර තිබිණි. එය සළකා බැලීමෙන් අනතුරුව එයට අවශ්‍ය කටයුතු කරගෙන යාමට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් එම වාර්තාව කැඳවා ඇත. වාර්තාව ලැබුණු පසු ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහජන පෙත්සම් පිළිබඳ කාරක සභා කාර්යාංශය පවසයි.

සූරියවැව ප්‍රදේශයේ සායනයක්  පැවැත්වෙන අවස්ථාවක දී එහි පැමිණ සිටි දරුවන්ගේ පෝෂණ සටහන්  පත්‍ර උදාහරණයට ගනිමින් වෛද්‍ය චමල් සංජීව කියා සිටියේ රටේ දරුවන් අතර මන්ද පෝෂණ තත්වයක් දක්නට ලැබෙන බවයි. එම ප්‍රකාශය අසත්‍යයක් බවත් එවැනි තත්වයක් නොමැති බවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කළ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් කරන ලද දැනුම් දිමකට අනුව රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය ඇතිව වෛද්‍ය චමල් සංජීවගේ  වැඩ තහනම් කෙරිණි. ඒ කිසිදු පරීක්ෂණයක් හෝ සිදු නොකරමිනි

නමුත්, දින කිහිපයකට පසුව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල් ම පාර්ලිමේන්තුවට නැවත කීවේ රටේ මන්ද පෝෂණ තත්වයක් ඇති බවයි. මේ වනවිට දරුවන්ගේ මන්ද පෝෂණ තත්වය හේතුවෙන් රටපුරා පාසල්වල පෝෂණ වැඩසටහන් රැසක් ද ක්‍රියාත්මක වෙමින් පවතී. එසේ වුව ද එම කරුණු හෙළිදරව් කළ වෛද්‍ය චමල් සංජීවගේ වැඩ තහනම තවදුරටත් ක්‍රියාත්මක වෙයි.

2020 දී පමණ ලෝකය පුරා දරණු වෛරස් රෝගයක් පැතිර යා හැකි බව ද එය කො‍රෝනා වර්ගයේ වෛරසයක් විය හැකි බව ද වෛද්‍ය චමල් සංජීව 2012 වර්ෂයේ දී පමණ විද්‍යාත්මක කරුණු විග්‍රහ කරමින් කීවේය. එය කොරෝනා වසංගතය පිළිබඳ කරනු ලැබූ පළමු විද්‍යාත්මක පුරෝකථනය ද වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!