spot_img
spot_imgspot_img

කෝටි 7,000ක ණයක් ගන්න විදුලි බිල වැඩි කරන හැටි මෙන්න

පුවත්

විදෙස්

ගල්අඟුරු මිල දී ගැනීම සඳහා අවශ්‍ය රුපියල් කෝටි 7,000ක මුදල බැංකු ණයක් ලෙස ලබාගැනීමට ජනවාරි 01 වැනි දා සිට ක්‍රියාත්මක වනපරිදි තාවකාලිකව විදුලි ගාස්තු වැඩි කිරීමට සිදුව ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති නලින්ද ඉලංගකෝන් පවසයි.

විදුලි ගාස්තු ඉහළ දැමීම සඳහා මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය ලැබුණු විට අන්තර්කාලීන විදුලි ගාස්තු ඉහළ දමන බව ද ඔහු පවසයි. ඔහු මේ බව කියා සිටියේ අද (12) මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.

ජනවාරි සහ පෙබරවාරි මාස දෙකට අවශ්‍ය ගල්අඟුරු ආනයනය කිරීමට එක් මාසයකට රුපියල් කෝටි 3,500 බැගින් කෝටි 7,000ක මුදල අවශ්‍ය බව හෙතෙම කිවේය. මෙම ඉල්ලුම් කිරීමේ දී ණය ගෙවිය හැකි ආකාරය පිළිබඳ බැංකුවට පෙන්වාදිය යුතු බවත්, එබැවින් විදුලි බිල ඉහළ දැමීම අනිවාර්ය අවශ්‍යතාවක් වී ඇති බවත් සභාපතිවරයා පැවසීය.

මෙම කාලය තුළ ගල්අඟුරු නැව් 12ක් ගෙන්වීමට සිදුව ඇත. එසේ නොකරන්නේ නම් විදුලි සැපයුම දැඩි අර්බුදයකට ලක්වන බව ද හෙතෙම පවසයි. විදුලිබල මණ්ඩලය සතුව කිසිම මිලදී ගැනීමකට මුදල් නොමැතිවීමේ ගැටලුව බරපතල බව ද ඔහු කියයි.

කෙසේ වෙතත් විදුලිබිල ඉහළ දැමීම සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්නා ප්‍රතිපත්තිමය තීරණය මත කටයුතු කරන බව සභාපතිවරයා කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!