spot_img
spot_imgspot_img

වන අලි අල්ලා කූඨ ලේඛන සැකසීමේ නඩුවෙන් වනජීවී නීති ලොක්කා ඇතුළු තිදෙනකුට සිර දඬුවම්

පුවත්

විදෙස්

වනයෙන් අල්ලාගත් අලි පැටවුන් වෙනුවෙන් කූඨ ලේඛන සකසා  “අලි පොතේ” ලියාපදිංචිකිරීමේ චෝදනාවට වරදකරු වූ තිදෙනකුට වසර 05 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත අද (12) කටයුතු කළේය.

මෙලෙස සිරදඬුවම් නියම වූයේ, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ (නීති) පැස්කුවල් ෆොන්සේකලාගේ උපාලි පද්මසිරි, එම දෙපාර්තමේන්තුවේ අලි ඇතුන් ලියාපදිංචි කිරීමේ අංශය බාරව සිටි ලිපිකාරිණිය ප්‍රියන්තා සංජීවනී සහ අලියා සන්තකයේ තබාගත් බවට චෝදනා එල්ල වූ චන්ද්‍රරත්න බණ්ඩාර යටවර යන තිදෙනාටය.

මෙම නඩුව ඉතාමත් දීර්ඝ කාලයක් විභාගයට ගත් අතර විත්තිකරුවන්ට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීන්දු කරමින් ඔවුන්ට එලෙස බපතල වැඩ සහිත සිර දඬුවම් නියම කෙරුණු අතර එම දඬුවමට අමතරව රුපියල් 70,000.00 බැගින් දඩ මුදල් ගෙවන ලෙස ද නියෝග කෙරිණි. දඩ මුදල් නොගෙවන්නේ නම් විත්තිකරුවන්ට වසර 03 බැගින් ලිහිල් සිර දඬුවම් ලබාදීමට ද නියෝග කළේය. එය වසර 05ක සිරදඬුවම අවසන් වූ පසු ආරම්භ වෙයි.

2008 නොවැම්බර් 06 වැනිදා සිට 2015 මැයි 18 වැනි දා අතර කාලයේ දී කූඨ ලේඛන සකසා වන අලි පැටියකු “අලි පොතේ” ලියාපදිංචි කිරීම ඇතුළු චෝදනා මෙම විත්තිකරුවන්ට එරෙහිව ගොනුකර තිබිණි

පැමිණීල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් යුහාන් අබේවික්‍රම ත්තිකරුවන්ට එරෙහි චෝදනා ඔප්පු වී ඇත්තේ දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව නිසා ඔවුන්ට උපරිම දඬුවම් නියම කරන්නැයි ඉල්ලා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!