spot_img
spot_imgspot_img

පාස්කු වින්දිතයන්ට පුද්ගලික මුදලින් වන්දි ගෙවන්න, මෛත්‍රී – පූජිත ඇතුළු පිරිසකට සිදුවෙයි

පුවත්

විදෙස්

පාස්කු ප්‍රහාරය වැළැක්වීමට පියවර නොගැනීම හේතුවෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර, ජාතික රහස් ඔත්තු‍ සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන, ජාතික බුද්ධි සේවයේ ප්‍රධානී සිසිර මෙන්ඩිස් යන පිරිස විසින් තම පුද්ගලික මුදලින් වින්දිතයන්ගේ අරමුදලට වන්දි ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (12) නියෝග කළේය.

පාස්කු වින්දිතයන්ගේ මූලික අයිතිවාසිකම් කඩවීම සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබූ මෙම පෙත්සමේ වත්මන් ජනාධිපති එවකට අගමැති රනිල් වික්‍රමසිංහ ද වගඋත්තර කරුවකු ලෙස නම්කර තිබුණ ද ඔහුට ජනාධිපතිවරයාට හිමි මුක්තිය ලැබෙන බැවින් ඔහු ඉවත් කෙරිණි.

ඒ අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන රුපියල් මිලියන 100ක මුදලක්, හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර සහ හිටපු ජාතික රහස් ඔත්තු සේවයේ අධ්‍යක්ෂක නිලන්ත ජයවර්ධන මිලියන 75 බැගින් ද, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු රුපියල් මිලියන 50ක් ද, ජාතික බුද්ධි සේවයේ ප්‍රධානී සිසිර මෙන්ඩිස් මිලියන 10ක මුදලක් ද තම පුද්ගලික මුදලින් වින්දිතයන්ගේ වන්දි අරමුදලට බැර කරන ලෙසත්, රජයෙන් රුපියල් මිලියනයක මුදලක් එම අරමුදලට බැර කරන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කලේය.

තම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බව පවසමින් පාර්ශවකරුවන් විසින් ඉදිරිපත් කළ පෙත්සම් 12ක තීන්දුව ප්‍රකා කරමින් මෙම ‍නියෝගය අද ලබාදෙන ලදී.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, එල්.ටී.බී දෙහිදෙණිය, මුර්දු ප්‍රනාන්දු, එස්.තුරෙයිරාජා, ඒ.එච්.එම්.ඩී නවාස්, ශිරාන් ගුණරත්න යන සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබීය.

බෝම්බ ප්‍රහාරයෙන් සිය දරු දෙදෙනා මිය ගිය පියකු වන නන්දන සිරිමාන්න, සංචාරක ව්‍යපාරිකයකු වන ජනත් විදානගේ, සරත් ඉද්දමල්ගොඩ ඇතුළු කතෝලික පියතුමන්ලා තිදෙනෙකු, ෂැංග්‍රිලා බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලැබූ නීතීඥ මෝදිත ඒකනායක ඇතුළු පිරිසක් විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් 12ක් ගොනුකර  තිබිණි.

ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් මෙම තීන්දුව අභියෝගයට ලක්කිරීමට හෝ අභියාචනා කිරීමට හෝ ඊට ඉහළ අධිකරණයක් නොමැති බැවින් මෙම මුදල් ගෙවීමට ඔවුන්ට සිදුවනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!