කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (11) දිනයේ ගනුදෙනු 19,208 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,328ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 13ක් ඉහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 8,380ක් ලෙසිනි
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- සොෆ්ට්ලොජික් කැපිටල් සමාගම රුපියල් මිලියන 353
- සොෆ්ට්ලොජික් ලයිෆ් සමාගම රුපියල් මිලියන 146
- කැපිටල් එලයන්ස් සමාගම රුපියල් මිලියන 88
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- සොෆ්ට්ලොජික් කැපිටල් සමාගම කොටස් මිලියන 21
- එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 06
- බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 05
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- එස්එන්බී ලීසිං සමාගම 12%
- මිලේනියම් හවුසින් සමාගම 11%
- යුනයිටඩ් මෝටර්ස් සමාගම 11%
සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්
- සීඅයිසී සමාගම කොටස් මිලියන 482,000ක් රුපියල් 81.00 බැගින්
අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම
- එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 333
- ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 188
- එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 179
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 19ක් කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 31ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 12ක මුදලක් කොටස් වෙළෙඳ පොළෙන් ඉවත්කරගෙන තිබිණි.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්
- බොගවන්තලාව වැවිලි සමාගම රුපියල් මිලියන 03
- කහවත්ත වැවිලි සමාගම රුපියල් මිලියන 02
විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්
- එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 15
- සොෆ්ට්ලොජික් කැපිටල් සමාගම රුපියල් මිලියන 03
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ