spot_img
spot_imgspot_img

රෝසි සේනානායක කෝටි 50ක වන්දියක් ඉල්ලයි

පුවත්

විදෙස්

අසත්‍ය තොරතුරු අඩංගු අපහාසාත්මක වීඩියෝවක් නිෂ්පාදනය කර ප්‍රසිද්ධියට පත්කිරිමෙන් තමන්ට සිදුවූ අපාහාසයට රුපියල් කෝටි 50ක වන්දියක් ඉල්ලා කොළඹ නගරාධිපති රෝසි සේනානායක සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන දර්ශන හඳුන්ගොඩට වෙත එන්තරවාසි යවා ඇත.

රෝසි සේනානායක වෙනුවෙන් නීතිඥ චාරිකා වනිගබදුගේ විසින් මෙම එන්තරවාසිය යවා තිබේ. ඇය එමගින් දර්ශන හඳුන්ගොඩට දන්වා ඇත්තේ දින 14ක් ඇතුළත එම අපාහාසාත්මක වීඩියෝ වැඩසටහන් දෙක ඉවත්කර රුපියල් කෝටි 50ක වන්දියක් ගෙවිය යුතු බවයි. එසේ නොවන්නේ නම් අධිකරණමය ක්‍රියාමාර්ග ගන්නා බව ද එමගින් දන්වා ඇත.

2022 ජුනි මස 16 වැනි දින සහ දෙසැම්බර් 27 වැනි දින හෝ ඒ ආසන්න දිනයක තම සේවාදායිකාවට අපහාසයක් වන ආකාරයෙන් හඳුන්ගොඩ විසින් වීඩියෝ වැඩසටහන් දෙකක් youtube මුදාහැර ඇතැයි ද එම එන්තරවාසියේ දැක්වේ. මේ සම්බන්ධයෙන් ඔහුට එරෙහිව පොලිසියට කරන ලද පැමිණිල්ලක් විභාග කිරීම සඳහා ඔහු කැඳවීමට උත්සාහ ගෙන ඇතත් සිටින ස්ථානයක් සොයාගැනීමට නොහැකිවීම, දුකරථන අංකවලට පිළිතුරු නොදීම යන කරුණු හේතුවෙන් මෙම ක්‍රියාමාර්ග ගන්නා බව ද එම ලිපියේ සඳහන් කර තිබේ.

දර්ශන හඳුන්ගොඩ විසින් නිර්මාණය කර youtube වෙත මුදාහැර ඇති වීඩි‍යෝව හේතුවෙන් කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායකගේ කීර්ති නාමයට හානි සිදුවන බවත්, නගරාධිපති ධූරයේ රාජකාරී කිරීමේ දී අපහසුතාවලට මුහුණ දීමට සිදුවන බවත් නීතිඥවරිය විසින් දැනුම් දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!