දින කිහිපයක් වයසැති බිළිඳියක අතහැර දමා ගොස් තිබිය දී සොයාගත් බව තලවකැලේ පොලිිසය පවසයි.
තලවකැලේ හින්දු කෝවිලක් අසළ නවතා තිබූ ත්‍රී රෝද රථයක් තුළ මෙම බිළිඳියගේ සිරුර තබාගොස් තිබිණි.
එම ත්‍රී රෝද රථය හින්දු කෝවිල අසළ රථ ගාලේ දිනපතා නවතා තබන්නකි. ඒ අවට මාර්ගය පිරිසිදු කිරීමට පැමිණි නගර සභා සේවකයන්ට ත්‍රී රෝද රථය තුළින් බිළිඳකු හඬන ශබ්දය ඇසී සොයා බැලීමේ දී රථයේ පසුපස අසුනේ බිළිඳිය සිටිනු දැක ඇත.
තලවාකැලේ පොලිසියට ඒ ගැන දැනුම් දීමෙන් අනතුරුව දරුවා පොලිසි භාරයට ගෙන තිබේ. පොලිසිය සඳහන් කරන්නේ සති දෙකක් පමණ වයසැති බවට අනුමාන කළ හැකි බිළිඳිය හොඳ සෞඛ්‍ය තත්වයෙන් පසුවන බවයි.
පොලිස් නිලධාරිනියක් විසින් බිළිඳියට මව්කිරි ලබා දධී මේ වනවිට ලිඳුල ප්‍රාදේශීය රෝහලට බාර දී තිබේ.