විදේශගතවීමේ දී ගුවන් ප්‍රවේශපත්‍ර මිල දී ගැනීමේ දී වඩාත් සැළකිලිමත් වන ලෙසත්, ටිකට් ඒජනත්වරු ලෙස පෙනී සිටින ව්‍යාජ ව්‍යාපාරිකයන් රැසක් රටපුරා සිටින බවත් ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය මහජනතාවට දැනුම් දෙයි.
ගුවන් ප්‍රවේශපත්‍ර අළෙවි සඳහා ලියාපදිංචි ආයතන වෙත සිවිල් ගුවන්සේවා අධිකාරියෙන් බපත්‍රයක් නිකුත් කරන බවත් එම බලපත්‍රය ආයතනයේ පැහැදිළිව ප්‍රදර්ශනය කර තිබීම අනිවාර්ය බවත් එම නිවේදනයෙ දක්වා ඇත.
ලියාපදිංචියක් නොමැතිව ගුවන් ප්‍රවේශපත්‍ර නිකුත් කරන පුද්ගලයන් සහ ආයතන හේතුවෙන් විදේශගතවීමට බලාපොරොත්තුවන පුද්ගලයන් දැඩි අසීරුතාවකට පත්වන බව ද එම අධිකාරිය පවසයි. මෙවැනි පුද්ගලයන් සහ ආයතන පිළිබඳ තොරතුරු ඇත්නම් සිවිල් ගුවන් සේවා අධිකාරියට හෝ ළඟම ඇති පොලිස් ස්ථානයට දැනුම් දෙන ලෙස ද එම නිවේදනයේ දක්වා ඇත.