කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (30) දිනයේ ගනුදෙනු 21,307 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,886ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 57ක් ඉහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 8,489 ලෙසිනි
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- සොෆ්ට්ලොජික් කැපිටල් සමාගම රුපියල් මිලියන 408
- සොෆ්ට්ලොජික් ලයිෆ් සමාගම රුපියල් මිලියන 245
- ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 183
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- ටෙස් ඇග්‍රෝ සමාගම කොටස් මිලියන 116
- සොෆ්ට්ලොජික් කැපිටල් සමාගම කොටස් මිලියන 40
- බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 16
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- හන්ටර් සහ කම්පනි පීඑල්සී සමාගම 19%
- සොෆ්ට්ලොජික් කැපිටල් සමාගම 17%
- සමූපකාර රක්ෂණ සමාගම 14%
සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්
- ටෙස් ඇග්‍රෝ සමාගම කොටස් මිලියන 105ක් රුපියල් 1.00 බැගින්
අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම
- එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 356
- එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 189
- ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 187
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 23ක් කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 87ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 64ක මුදලක් කොටස් වෙළෙඳ පෙළෙන් ඉවත් කරගෙන තිබිණි.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්
- ගලධාරී හෝටල් සමාගම රුපියල් මිලියන 09
- බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 0.9
විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්
- ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 65
- ටෙස් ඇග්‍රෝ සමාගම රුපියල් මිලියන 06
- රේණුක ඇග්‍රි සමාගම රුපියල් මිලියන 05
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ