රටේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් 11%ක් හෙවත් ලක්ෂ 24ක පමණ පිරිසක් දුගී බවට පත්ව ඇතැයි එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු සම්බන්ධීකරණ කාර්යාලය නිවේදනය කරයි.
එම කාර්යාලය මේ බව පවසන්නේ රතු කුරුස සමාජය විසින් කරන ලද සමීක්ෂණයක් පදනම් කරගනිමිනි.
එම වාර්තාව පෙන්වා දෙන්නේ 2021 වර්ෂයේ දී ලක්ෂ 24ක් අලුතෙන් දුප්පතුන් බවට පත්ව තිබෙන බවයි. එවුන් එලෙස දුගී බවට පත්ව ඇති නිසා තම වත්කම් විකිණීමටත්, ණයගැති වීමටත් පෙළඹී ඇති අතර නිසි ආහාරයක් නොමැතිව කුසගින්නේ සිටින වේල් ගණන ද වැඩි වී තිබේ.
එමෙන් ම එවැනි බොහෝ පවුල්වල දරුවන් පාසල් නොයන තත්වයට පත්ව ඇති බව ද රතු කුරුස සමාජය විසින් කරන ලද සමීක්ෂණයෙන් අනාවරණය වී ඇත. එම වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මෙරට ජනගහණයෙන් 26%ක් හෙවත් ලක්ෂ 57ක පිරිසකට මානුෂීය අධාර අවශ්‍යව ඇති බවයි. ලක්ෂ 50කට අධික පිරිසක් ආහාර අවශ්‍යතාවයෙන් පෙළෙන බව ද වාර්තා වේ.
මෙම වාර්තාවේ දත්ත අනුව පෙනී යන්නේ මෙම අර්බුදයට මුහුණ පා සිටින පරිස අතරින් ලක්ෂ 34.5ක් ම කෘෂිකාර්මික ජීවනෝපායකට පුරුදු වූ පිරිසක් බවයි. එමෙන් ම අත්‍යාවශ්‍ය ඖෂධ නොමැතිව පීඩා විඳිනන ප්‍රමාණය දැනටමත් ලක්ෂ 20 ඉක්මවා ඇති බව ද වාර්තාවේ දැක්වේ.