කැලණියේ නයා, සාෆිගේ වඳ සැත්කම් කතා යනු ශ්‍රී ලංකාවේ දේශපාලන බල පෙරළිය අරමුණු කරගනිමින් ශ්‍රී ලංකාවේ ජාතික මට්ටමේ යැයි කියන මාධ්‍ය ආයතනවලින් නිර්මාණය කරන ලද ව්‍යාජ ප්‍රවෘත්තිවලට ඇති හොඳම උදාහරණ දෙකකි. මෙවැනි තවත් ප්‍රවෘත්ති ඕනෑ තරම් තිබේ.
එවැනි මාධ්‍ය ආයතන ඔස්සේ ප්‍රවෘත්ති නැරඹීමට සහ කියවීමට පුරුදු වී සිටින පාඨකයන් සහ ප්‍රේක්ෂකයෝ ද කුණු රසයම සොයති. කුණු රසය ජනතාවට බෙදා දී තම මඩිය තරකරගන්නා මාධ්‍ය ආයතන ද කිසිදු වග විභාගයක් නැතිව වැරදි පුවත් නිර්මාණය කර රට තුළ විවිධ මත වපුරා තම පටු දේශපාලන සහ ව්‍යාපාරික අරමුණනු ඉටුකරගනී. මෙහි දී ඔවුන් මාධ්‍යවල තිබිය යුතු අවම සදාචාරයවත් තුට්ටුවකට හෝ මායිම් කරන්නේ නැත.
කෙනෙකුට මාධ්‍ය සාකච්ඡාවක් තැබූ පමණින් තවත් පුද්ගලයකුගේ චරිතය ඝාතනය කළ හැකි ද යන්න මේ රටේ නැවත සංවාදයට ලක්කළ යුතු කරුණකි. එමෙන් ම මාධ්‍ය සාකච්ඡාවක් යැයි කියමින් කොහේ හෝ සිටින පුද්ගලයකු පැමිණ කියන ඕනෑම පට්ටපල් බොරු බේගලයක් ඇත්ත ඇති සැටියෙන් ගෙන රටම නොමඟ යැවීමට තරම් ශ්‍රී ලංකාවේ මාධ්‍ය බංකොලොත් තත්වයට පත්ව ඇත්ද යන්න නැවත ප්‍රශ්න කළ යුතුය.
ඊයේ (23) හිරුණිකා ප්‍රේමචන්ද්‍ර තවත් කාන්තාවක් ඉදිරියට දමාගෙන කරන ලද ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී කියා සිටියයේ ජනාධිපති උපදේශකවරයකු වූ ආශු මාරසිංහ බල්ලකු සමඟ ලිංගික සම්බන්ධතා පවත්වන බවයි. එයට සාක්ෂි වශයෙන් ඇය විසින් කාන්තාවක රැගෙන විත් තිබිණි.
එම කාන්තාව කතා කරමින් කීවේ, තමන් ආශු මාරසිංහ ෆේස්බුක් මගින් හඳුනාගෙන වසර දෙකක පමණ කාලයක් ඔහු සමඟ අවිවාහකව නමුත් එකට අඹු සැමියන් සේ ජීවත් වූ බවකි. එසේ එකට සිටිය දී ඔහු තමන්ට දැඩි පීඩාවක් එල්ල කළ බවත් ඇතැම් විට පහර දුන් බවත් ඇය කීවාය.
“එතකොට ඒ ගැන පොලිසියට පැමිණිලි කළා ද ?” යනුවෙන් එක් මාධ්‍යවේදියකු ප්‍රශ්න කරයි.
“හැම දේටම පොලිසියට කතා කරන කෙනෙකුට විරුද්ධව මම කොහොමද පොලිසියට පැමිණිලි කරන්නේ මාව හිර කරගෙන හිටියේ” ඒ කාන්තාව කීවාය.
ඇය වැඩිදුරටත් කියා සිටියේ තමන් සුරතලයට ඇති දැඩි කළ බල්ලාගේ වෙනසක් දුටු බැවින් තමන් ජංගම දුරකථනය වීඩියෝ කරමින් ආශු මාරසිංහගේ කාමරයේ සඟවා තැබූ බවයි. එහි දී ඔහු බල්ලා සමඟ ලිංගික සම්බන්ධතා පවත්වන බව එහි සටහන්ව තිබූ බවත් ඇය මාධ්‍ය හමුවේ දී කීවාය.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර එම මාධ්‍ය සාකච්ඡාවේ දී බල්ලාගේ සහ ආශු මාරසිංහගේ ඡායාරූපයක් ද වීඩියෝ දර්ශන ද මාධ්‍යවේදීන්ට ලබාදුන්නාය.
දැන් එම වීඩියෝව අප වෙබ් අඩවියට ලැබී තිබේ.
අපි එම වීඩියෝව හොඳින් කිහිප වරක් ම නැරඹුවෙමු. මේ වීඩියෝව කිහිප වරක් නරඹන්න අවශ්‍ය නැත. නරඹන පළමු අවස්ථාවේ දී ම ආශු මාරසිංහට එල්ලවන චෝදනාව බොරුවක් බව සක්සුදක් සේ පැහැදිළි වෙයි.
එහි ආශු මාරසිංහ සටියි. ඔහු තම යට ඇඳුම පිටින් සිටින අතර ඔහු දෙස බලාගෙන ඇඳ මත සුදු පැහැති බල්ලෙකු සිටියි. ආශු මාරසිංහ එකවරම තම යට ඇඳුම මදක් පහත්කර එ් ක්ෂණකින් එය නැවත ඔසවා ඇඳ ගනී. බල්ලා යමක් දකින්නට ඇත. ඒ ඔහුගේ ලිංගයයි. බල්ලා ඉදිරියේ ආශු මාරසිංහි යට ඇඳුම පහත් කර නැවත ඔසවා ගත් නිසා බල්ලා ඒ දෙසට ඉව කරන බව පෙනේ. මෙහි ඇති වැදගත්ම දෙයනම් ඒ සමඟම ආශු මාරසිංහ එය වීඩියෝගත කරන කැමරාව දෙස බලා සිනා සීමයි.
එයින් පෙනී යන්නේ බල්ලා සිටින ඇඳ මත බල්ලාට පිටුපසින් එය වීඩියෝ කරන පුද්ගලයා සිටින අතර ඒ බව ආශු මාරසිංහ ද හොඳින් දන්නා බවයි. මේ ආශු මාරසිංහ සමඟ වසර දෙකහමාරක කාලයක් එක ගෙදරක අඹු සැමියන් ලෙස ජීවත් වූ ඊයේ (23) හිරුණිකා සමඟ පැමිණි කාන්තාව විය යුතුය.
ඇගේ අසත්‍ය ප්‍රකාශය එයින් ම පැහැදිලි වෙයි.
මාධ්‍ය ආයතන ඕනෑඹ බොරුවකට නොමඟ යැවිය හැකි වුව ද අපිට මේ වීඩියෝවේ ආශු මාරසිංහ බල්ලකු සමඟ ලිංගික සම්බන්ධතා පවත්වන බවක් පෙනෙන්නේ නැත. ඔහු බල්ලාට යටිකය පෙන්වා නැවත යට ඇඳුම ඇඳ ගන්නේ තම ලිංගික සහකාරිය ඉදිරියේය.
මේ ගැහැනියක සහ පිරිමියකු තම සයනාගාරයේ දී සිදුකරන ආලිංගන ක්‍රියාවක් මිස බල්ලකු අපයෝජනය කිරීමක් නොවන බව තලු මර මරා මවාගත් ජුගුප්සාජනක ලිංගික කතාවක් ගෙතූ මාධ්‍ය සාකච්ඡාව පැවැත්වූ අයට හෝ එය ආවරණය කළ මාධ්‍යයට තේරුම් නොයාම පුදුම සහගතය.
එමෙන් ම මේ කතාව කී කාන්තාව ආශු මාරසිංහට හොරෙන් මේ වීඩියෝව කැමරාව සඟවා ගත්තා යැයි කියන කතාව වීඩියෝව නැරඹූ විට බොරුවක් බව පැහැදිළි වෙයි. ආශු කැමරාව දෙස බලා සිනාවක් නගන්නා බල්ලා තම යටිකය දැක පුදුම වූ බව තම ලිංගික සහකාරිය ද හොඳින් දන්නා බැවින් ඒ ක්‍රියාවෙන් ඇය සමඟ විනෝද වීමට විය යුතුය.
එයින් පැහැදිලි වන්නේ ආශු මාරසිංහට එල්ල වී ඇති චෝදනාව බොරුවක් බවයි. ගැටලුව ඇත්තේ කිසිවක් විමර්ශනය නොකරන මෙරට ජාතික යැයි සම්මත මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ කිසිදු වග විභාගයක් නැති එය ප්‍රචාරය කිරීමයි.