spot_img
spot_imgspot_img

බෞද්ධ – පාලි විශ්වවිද්‍යාලයේ සිසුන්ට දුන් දඩුවම් මෙන්න

පුවත්

විදෙස්

බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ඇති වූ නවක වද සිද්ධි සහ විනය විරෝධී ක්‍රියා හේතුවෙව් 38 දෙනකුගේ ශිෂ්‍යභාවය අහෝසි කර 23 දෙනකුට තාවකාලික පන්ති තහනම් කර ඇත.

මේ පිරිස අතර ගිහි සිසුන් මෙන්ම පැවදි සිසුන් ද සිටින බව විශ්වවිද්‍යාල පාලන අධිකාරිය පවසයි.

විශ්වවිද්‍යාලයේ උද්ගත වූ තත්වය මත නේවාසිකාගාර පරීක්ෂා කිරීමට ගිය පීඨාධිපතිවරුන් සහ ශාලාධිපතිවරුන්ට තර්ජනය කිරීම ගිහි පැවිදි සිසුන්ට නවක වදය දීම සහ වෙනත් විනය විරෝධී හැසිරීම් හේතුවෙන් මෙම දඬුවම් ලබාදුන් බවත් තවදුරටත් පරීක්ෂණ පවත්වන බවත් දැනගන්නට ඇත.

විශ්වවිද්‍යාල පාලන අධිකාරිය සඳහන් කරන්නේ මෙම සිසුන් පිරිසට අමතරව විශ්වවිද්‍යාලයේ අනවසරයෙන් රැඳී සිටිීම සහ නවක වදය දීම ආදී චෝදනා සනාථ වීම හේතුවෙන් මීට මාස කිහිපයකට පෙර විශ්වවිද්‍යාල සිසුන් 15 දෙනකුගේ වසරක උපරිම කාල සීමාවක් දක්වා ශිෂ්‍යභාවය අහෝසි කළ බවයි. එසේ කර ඇත්තේ දීර්ඝ පරීක්ෂණයක් පැවැත්වීමෙන් අනතුරුවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!