spot_img
spot_imgspot_img

පීඩන අවපාතය ශ්‍රී ලංකාව දෙසට, කාලගුණයෙන් අනතුරු අඟවයි

පුවත්

විදෙස්

‍බෙංගාල බොක්කේ යළි ඇති වී තිබෙන පීඩන අවපාතය ඉදිරි පැය කිහිපයේ දී ශ්‍රී ලංකාවේ කාලගුණික තත්වයට බලපෑම් කරනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

එම අවපාතය ත්‍රිකුණාමලය සිට කිලෝ මීටර 370ක් ඊසාන දිශාවෙන් ස්ථානගත ව තිබේ.

කාලගුණ විද්‍යාඥයන් පවසන්නේ දැනට මෙම පීඩන අවපාතයේ ගමන් දිශාව අනුව එය ඉදිරි පැය 48ක කාලයේ දී ශ්‍රී ලංකාව හරහා ගමන්කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි.

මේ හේතුවෙන් අද (24) සහ 25 සහ 26 දිනයන්හි දී රටේ බොහෝ ප්‍රදේශවලට වැසි සහ දැඩි සුළං තත්වයක් ඇතිවීමට ඉඩ ඇති බව ද විශේෂයෙන් උතුරු සහ නැගෙනහිර පළාත්වලට දැඩි වර්ෂාපතනයක් ඇතිවන බව ද කාලගුණ විද්‍යාඥයෝ කියති.

උතුරු, නැගෙනහිර, වයඹ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝ මීටර 50ක පමණ වේගයෙන් හමා යන තද සුළං ඇතිවීමට ද ඉඩ තිබේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!