රජයේ සේවකයන්ගේ සහ විශ්‍රාමිකයන්ගේ වැටුප් ගෙවීමටත් සමාජ සුබ සාධන පවත්වාගෙන යාමටත් රජයේ මාසික ආදායම ප්‍රමාණවත් නැතැයි මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන පවසයි.
ඔහු මේ බව කියා සිටියේ නව බදු ප්‍රතිපත්ති පිළිබඳ අද (23) මුදල් අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවක දී ය.
“රජයේ මාසික ආදායම රුපියල් බිලියන 145යි. වැටුප් සඳහා පමණක් රුපියල් බිලියන 93ක් වැය වෙනවා. විශ්‍රාම වැටුප් සඳහා වැයවන මුදල රුපියල් බිලියන 27යි. සමෘද්ධියට මාසිකව රුපියල් බිලියන 06ක් වැය වෙනවා. සමාජ සුබසාධනයට විශාල පිරිවැයක් දැරීමට රජයට සිදුවෙන්ව. මේ සියල්ල සඳහා ආසන්න වශයෙන් වැයවන මුදල රුපියල් බිලියන 154ක් ඒ අනුව සෑම මාසයක ම රජයේ සාමාන්‍ය වියදම් සඳහා රුපියල් බිලියන 09 පමණ අඩුක් තිබෙනවා. අපි මේ කතා කරන්නේ පොළිය, ණය ගෙවීම් සහ වෙනත් වියදම් නැතිව. ඉතින් රාජ්‍ය මුදල් තත්වය ඉතාමත් දරුණු ආගාධයකට තිබෙන්වේන. අපිට ආදායම එකවර වැඩිකරගත්තත්, වියදම අඩු කරන්න බැහැ. දැන් රජයේ සේවකයන්ගේ වැටුප් සහ විශ්‍රාම වැටුප් ගෙවීම බරපතල ගැටලුවක් වෙලා. දිළිඳු අය ඇතුළු තවත් පිරිස් රැකබලාගැනීමටත් රජයට වියදම් කරන්න සිදුව තිබෙනවා.” යැයි ද ලේකම්වරයා කීවේය.