මාර්තු මාසයේ දී ආරම්භ කරන 2023 පාසල් අධ්‍යයන වර්ෂයේ දී ප්‍රාථමික අංශයේ වාර විභාග නොපැවැත්වීමටත් 2023 අධ්‍යයන වර්ෂය දෙසැම්බර් මාසයෙන් අවසන් කිරීමටත් කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි.
වාර විභාග ක්‍රමයෙන් ඈත් වී පාඩමෙන් පාඩමට සිසුන්ට අභ්‍යාස ලබා දී ලකුණු වාර්තා ඇගයීමේ ක්‍රමයක් සහ තක්සේරු කිරීමේ ක්‍රියාවලියක් සිදුකරන බව ද හෙතෙම කීවේය.
විශ්වවිද්‍යාල ප්‍රවේශය හෝ දක්ෂතා සහ කැමැත්ත මත කාර්මික විද්‍යාලවලට ඇතුළත්ව වෘත්තීය පුහුණු අවස්ථා සළසාගත හැකි වැඩපිළිවෙලක් සඳහා අවශ්‍ය වෙනස්කම් සිදුකරන බව අමාත්‍යවරයා පවසයි.
කොරෝනා සහ ආර්ථික අර්බුදය හේතුවෙන් අතපසු වූ විෂය මාලා අධ්‍යයන කටයුතු වැඩිපුර කාලය යොදවා 2023 අධ්‍යයන වර්ෂය එම වසරේ දෙසැම්බර්වල අවසන් කිරීමට සැළසුම් කරන බව ද ඔහු කීවේය.