විභාගයක දී ප්‍රශ්න පත්‍ර බෙදා දීමෙන් අනතුරුව ළමයින් පිළිතුරු ලිවීම ආරම්භ කර ඇතනම් කිසිම හේතුවක් නිසා නැවත ප්‍රශ්න පත්‍ර එකතු කිරීමට නොහැකි යැයි විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී.ධර්මසේන පවසයි.
ඔහු මේ බව කියා සිටියේ ගල්ගමුව, ඇහැටුවැව, බණ්ඩාරනායක ජාතික පාසලේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි දරුවන්ට ලබාදුන් ප්‍රශ්න පත්‍ර යළි එකතුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීමකට පිළිතුරු දෙමිනි.
ප්‍රශ්න පත්‍රවල අනුක්‍රමික අංක වෙනස්වීම ගැටලුවක් නෙවන බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසයි. ඒ බව සියලු විභාග ශාලාධිපතිවරු දැනුම්වත් කර ඇති අතර ශාලා සුපරීක්ෂකවරුන් ද එය දන්නා කරුණක් බව ද ඔහු පවසයි.
ශිෂ්‍යත්ව විභාගයේ දී බණ්ඩාරනායක විද්‍යාලයේ ඇති වී තිබෙන ගැටලුව හේතුවෙන් අසාධාරණයක් සිදුවන්නේ දරුවන්ට බැවින් එම සිද්ධිය සම්බන්ධයෙන් පවත්වන පරීක්ෂණයෙන් පසු දරුවන්ට උපරිම සාධාරණයක් ඉටුකිරීමට ඇති හැකියාව පිළිබඳ සොයාබලන බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා කීවේය.
ඉදිරි දින කිහිපයේ දී එම සිද්ධියට මුහුණ දුන් දරුවන් හමු වී සාක්ෂි ලබාගැනීමට විභාග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් සූදානමින් සිටියි. එමෙන් ම අදාල ගුරුවරිය කටයුතු කර ඇති ආකාරයත්, එවැනි වැරදි ඇය මින් පෙර සිදුකර ඇත්ද යන්නත් සොයා බැලීමට නියමිතය. ඇය වරදක් කර ඇත්නම් ජීවිත කාලයට ම විභාග රාජකාරී තහනමක් පැනවීමට කටයුතු කරන බව ද විභාග දෙපාර්තමේන්තුව පවසයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීමට මහව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා පසුගිය 19 වැනි දා විභාග දෙපාර්තමේන්තුවට කැඳවා තිබිණි.
බණ්ඩාරනායක ජාතික පාසලේ විභාග මධ්‍යස්ථානයේ දී මෙම ගැටලුවට මුහුණ දී තිබුණේ කිතලව ඥාණිස්සසර කණිෂ්ඨ විද්‍යාලයේ සිසු දරු දැරියන් පිරිසකි.