spot_img
spot_imgspot_img

ලක්ෂ 120ක් අපතේ යැවූ උතුරුමැද වීඩියෝව සහ පොත

පුවත්

විදෙස්

සංචාරක ප්‍රවර්ධය සඳහා බව කියමින් වාර්තා වැඩසටහනක් සහ පොතක් මුද්‍රණය කිරීමට රුපියල් 12,144,500.00ක (එක්කෝටි විසිඑක් ලක්ෂ හතලිස් හතර දහස් පන්සියයක්) මුදලක් පුද්ගලික ආයතනයකට ලබා දී ඇතත් නිෂ්පාදනය කළ කිසිවක් නැතැයි විගණකාධිපති දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවක දැක්වේ.

මෙම මුදල වියදම් කර ඇත්තේ උතුරු මැද පළාත් සභාව විසිනි. පළාත් ප්‍රධාන ලේකම්වරයා විසින් ඉහත මුදල පුද්ගලික සැපයුම්කරුවකුට ලබා දී ඇත්තේ 2016 මාර්තු මස 23 වැනි දින ඇතිකරගත ගිවිසුමකට අනුවය. එම ගිවිසුමේ සඳහන් වන්නේ අදාල කාර්යය ඉටුකිරීමේ සම්පූර්ණ මුදල රුපියල් 15,796,500.00ක් (එක්කෝටි පනස් හත් ලක්ෂ අනූහය දහස් පන්සියයක්) බවයි. එම ගිවිසුමට අනුව ඉන් කොටසක් ලෙස පුද්ගලික සමාගම වෙත රුපියල් එක්කෝටි විසිඑක් ලක්ෂ හතලිස් හතර දහස් පන්සියයක මුදල 2016 දෙසැම්බර් මස 26 වැනි දින ගෙවා තිබේ.

විගණකාධිපතිවරයා සඳහන් කරන්නේ පළාත් සභාව විසින් එම මුදල ගෙවීමේ දී අදාල පුද්ගලික සමාගමෙන් කිසිම ඇපකරයක් තබාගෙන නැති බවයි.

මෙතරම් මුදලක් පුද්ගලික සමාගම වෙත ගෙවා ඇතත් පළාත් සභාව වෙත අදාල වීඩියෝව සහ පොත මෙතෙක් භාර දී නැති බව ද විගණකාධිපති වාර්තාවේ සඳහන් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!