කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (20) දිනයේ ගනුදෙනු 15,594 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2,824ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 117ක් පහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 8,508ක් ලෙසිනි
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 1,418
- ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 389
- ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 162
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 20
- සොෆ්ට් ලොජික් කැපිටල් සමාගම කොටස් මිලියන 07
- එක්ස්පෝ ලංකා සමාගම කොටස් මිලියන 06
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- නේෂන් ලංකා සමාගම 20%
- ලී හෙජස් සමාගම 11%
- ජෝන් කීල්ස් සමාගම 07%
සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්
- ජෝන් කීල්ස් සමාගම කොටස් මිලියන 01ක් රුපියල් 140.00 බැගින්
- සීඅයිසී සමාගම කොටස් 250,000ක් රුපියල් 210.00 බැගින්
- එක්ස්පෝ ලංකා සමාගම කොටස් මිලියන 5.128ක් රුපියල් 210.00 බැගින්
අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම
- එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 401
- ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 193.1
- එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 193
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 1,235ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 38 කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 1,197ක මුදලක් කොටස් වෙළෙඳ පොළට ආයෝජනය කර තිබිණි.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්
- එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 1,199
- මෙල්සටා කොප් සමාගම රුපියල් මිලියන 20
- බොගවන්තලාව වැවිලි සමාගම රුපියල් මිලියන 04
විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්
- ලංකා මිල්ක් ෆුඩ් සමාගම රුපියල් මිලියන 31
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ