දුම්රිය මාර්ග අලුත්වැඩියා කිරීම හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ අනුරාධපුරයේ සිට වව්නියාව දක්වා දුම්රිය ධාවනය ලබන ජනවාරි 05 වැනි දා සිට නැවැත්වීමට සිදුව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.
දුම්රිය මාර්ගයේ කොටසක් අලුත්වැඩියා කරන බැවින් මෙලෙස මාස 05ක කාලයක් දුම්රිය ධාවනය නතර කෙරේය.
කොළඹ කොටුව සහ අනුරාධපුරය අතර පමණක් දුම්රිය ධාවනය සිදුකරන අතර වව්නියාව සහ කන්කසන්තුරය – මුරුක්කණ්ඩි දක්වා “යාල්රාණී” දුම්රිය එම මාස 05ක කාලයේ දී දෙපසට ධාවනය වන බව ද දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
අනුරාධුරය සහ වව්නියාව අතර යාමට අවශ්‍ය දුම්රිය මගීන්ගේ පහසුව සඳහා විශේෂ බස්රථ සේවාවක් යෙදවීමට ද කටයුතු කර තිබේ.