ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ඉදිරි අධ්‍යාපනික සහ පරිපාලන කටයුතු සම්බන්ධයෙන් මහා නායක හිමිවරු සමඟ සාකච්ඡා කර එකඟතාවකට පැමිණීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.
එවැනිි එකඟතාවකට පිවිසෙන තුරු ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය වසා දැමීමට තීරණය කර ඇත. පසුගිය දිනවල එහි උද්ගත වී ඇති තත්වය හේතුවෙන් එහි මහෝපාධ්‍ය හිමි කියා සිටියේ විශ්වවිද්‍යාලයේ භික්ෂු නේවාසිකාගාර මුදා නොගත් ප්‍රදේශ බවට පත්ව ඇති බවයි.
විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා සාමාන්‍ය ගිහි ඇඳුමින් සැරසී විනෝද චාරිකාවක යෙදී සිටින ආකාරය දැක්වෙන ඡායාරූප ද සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතී. මහෝපාධ්‍ය හිමි පවසන්නේ බුදුන් පිදීම පවා ශිෂ්‍ය භික්ෂූන් ප්‍රතික්ෂේප කරන බවයි. එමෙන් ම රෑ පහන්වනතුරු නේවාසිකාගාරවල ඝෝෂාකාරී ශබ්දය අවට ගම්වැසියන්ට හිරිහැරයක් වී පොලිස් පැමිණිළි පවා ඇති බව විශ්වවිද්‍යාල පාලන අධිකාරිය පවසයි.
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය හෝමාගම පිටිපන ප්‍රදේශයේ පිහිටා ඇත.